13 වැනි චීන ජාතික මහජන කොංග්‍රසයේ 5 වැනි සැසිවාරය අද (05) බෙයිජිං හි පිහිටි මහජන මහ ශාලාවේ දී ඇරඹිණ. චීන ජනාධිපති ෂී ජින්පිං මහතා ඇතුළු චීන කොමියුනිස්ට් පක්ෂයේ හා රජයේ නායකයන් සහ එහි නියෝජියෝ තුන් දහසක් සමාරම්භක උත්සවයට සහභාගි වූහ.

රුසියාවේ වත්මන් තත්වය හමුවේ සැම්සුන් සමාගම, එරටට ජංගම දුරකථන සහ අමතර කොටස් අපනයනය නතර කර තිබේ.

රොයිටර්ස් මාධ්‍ය ජාලය සිදුකළ නවතම සමීක්ෂණයකින් හෙළිවී ඇත්තේ, අමෙරිකානු සහ මිත්‍රශීලී පාර්ශව රුසියාවේ ගෑස් හා ඉන්ධන මිලදී ගැනීම නතර කළයුතු බවටයි.

රුසියානු බලධාරීන් එරට ෆේස්බුක් සහ ට්විටර් සමාජ මාධ්‍යවලට පිවිසීම අවහිර කර තිබේ.

දකුණු චීන මුහුදේදී අනතුරට ලක්වූ එෆ් 35 වර්ගයේ ගුවන් යානය ගොඩ ගැනීමට හැකි වූ බව අමෙරිකාව පවසනවා.

රුසියානු හමුදාව යුරෝපයේ විශාලතම න්‍යෂ්ටික බලාගාරය අද අත්පත්කර ගත්තා.

බටහිර ඔස්ට්‍රෙිලියා ප්‍රාන්තය, සිය දේශසීමා අද (03) විවෘත කළා.

දකුණු යුක්‍රේනයේ ක්‍රමෝපායික වශයෙන් වැදගත් නගරයක් තම ග්‍රහණයට ගත් බව,  රුසියාව පවසනවා.

අති සුඛෝපභෝගී මෝටර් රථයක් හිමිකර ගැනීම, බොහෝ දෙනාගේ සිහිනයක්.

අමෙරිකාවේ බොර තෙල් මිල වාර්තාගත ලෙස ඉහළ ගොස් තිබෙනවා.

යුක්‍රේන ජනාධිපති ව්ලොද්මීර් සෙලෙන්ස්කි ඊයේ (02) වීඩියෝ තාක්ෂණය ඔස්සේ යුරෝපා සංගම් පාර්ලිමේන්තුව ඇමතුවේය.

යුක්‍රේනයේ කියෙව් අගනුවර ප්‍රධාන රූපවාහිනී කුළුණට රුසියානු හමුදාව ප්‍රහාරයක් එල්ල කර තිබේ. ප්‍රහාරයෙන් 5 දෙනෙක් මියගිය බවයි වාර්තා වන්නේ.

රුසියානු ගුවන් ප්‍රහාර වැළැක්වීම සඳහා යුක්‍රේනයට ගුවන් තහනම් කලාපයක් පනවන ලෙසට එරට ජනාධිපති ව්ලැදිමීර් සෙලන්ස්කි අමෙරිකාවෙන් ඉල්ලා සිටිනවා.

'ගෝස්ට් ඔෆ් කියෙව්' නමැති අනවර්ථ නාමයෙන් හැඳින්වෙන යුක්‍රේන ගුවන් නියමුවෙකු සම්බන්ධයෙන් යළිත් කතාබහට ලක්ව තිබේ.

රුසියානු හමුදා මේ වන විට යුක්‍රේනයේ කියෙව් අගනුවරට ආසන්න වී ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.

ඔස්ට්‍රෙිලියාවට බලපා ඇති අධික වැසි සහ ජල ගැලීම් හේතුවෙන් 08 දෙනෙකු මියගොස් තිබෙනවා.

ලොව විශාලතම භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානය වන ඇන්ටනොව් ඒ එන් 225 නමැති ගුවන් යානය විනාශ වී ඇතැයි, විදෙස් මාධ්‍ය පවසයි.

රුසියාව සතු න්‍යෂ්ටික බල ඇණිය සීරුවෙන් තබන්නැයි, ජනාධිපති පුටින්ගෙන් එරට හමුදාවට අණ ලැබී තිබේ.

චීනය, තනි රොකට්ටුවක් ආධාරයෙන් වාර්තාගත චන්ද්‍රිකා සංඛ්‍යාවක් අභ්‍යවකාශගත කරයි. එලෙස උඩුගුවනට යැවුණු චන්ද්‍රිකා සංඛ්‍යාව 22 කි.

යුක්‍රේන යුද්ධය 4 වැනි දිනයට එළඹෙද්දී එරට දෙවැනි ප්‍රධාන නගරය අද රුසියානු හමුදා අතට පත්වුණා.

Latest News