කොරෝනා වසංගතය හේතුවෙන් ලොව පුරා සෞඛ්‍ය සේවා දැඩි බලපෑමකට ලක්ව ඇති බව, ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා.

ලොව දෛනික වැඩිම කොවිඩ් ආසාදිතයින් ඊයේ වාර්තා වුණේ, රුසියාවෙන්.

පූර්ණ එන්නත්කරණයට ලක්වූ සංචාරකයින්ට දේශ සීමා විවෘත කිරීමට ඔස්ට්‍රෙිලියාව තීරණය කර තිබෙනවා.

උතුරු කොරියාව, තම මිසයිල අත්හදා බැලීමේ ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය අරමුදල් රැස් කිරීම,අන්තර්ජාලය ඔස්සේ සිදුකර ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.

භාරතයේ ගීත කෝකිලාවිය ලෙස සැලකෙන අසහාය ගායිකා ලතා මංගේෂ්කාර් අද අලුයම අභාවප්‍රාප්ත වුණා.

මොරොක්කෝවේ නල ළි කුහරයකට ඇඳ වැටී සිටි පස් හැවිරිදි රයන් නමැති කුඩා දරුවා මුදා ගැනීමේ මෙහෙයුම් අවසානයේ දී දරුවා කුහරය තුළින් පිටතට ගැනීමට හැකි වුවත්, ඔහුගේ ජිවිතය බේරා ගැනීමට නොහැකි වූ බව, මොරොක්කෝ රජය නිවේදනය කර තිබෙනවා.

උතුරු අප්‍රිකානු රාජ්‍යයක් වන මොරොක්කෝවේ කඳුකර ප්‍රදේශයක පිහිටි පටු ළිඳක සිරවූ දරුවා බේරා ගැනීමේ මෙහෙයුම අවසන් අදියරට එළඹ තිබෙනවා.

ලොව විශාලතම සමාජ මාධ්‍ය වන ෆේස්බුක් හි සක්‍රිය පරිශීලකයන් සංඛ්‍යාව එහි වසර 18 ක ඉතිහාසයේ ප්‍රථම වරට අඩු වී තිබේ.

සියලුම වැඩිහිටියන්ට 'කොවිඩ්-19' එන්නත අනිවාර්ය කිරීමේ නීතියක් හඳුන්වා දුන් පළමුවැනි යුරෝපා රට බවට ඔස්ට්‍රියාව පත්ව තිබේ.

කොකේන් මත්ද්‍රව්‍ය විෂවීමෙන් ආජන්ටිනාවේ 20 දෙනෙකුට ආසන්න පිරිසක් මියගොස් තිබේ. 74 දෙනෙකු රෝහල් ගතකර ඇති බවයි, වාර්තා වන්නේ.

ජර්මනියේ එන්නත් කොමිසම කොවිඩ් ප්‍රතිශක්තීකරණ එන්නත් සිව් වැනි මාත්‍රාව හෙවත්, දෙවැනි බූස්ටර් එන්නත එරට පුරවැසියන් සඳහා අනුමත කර තිබේ.

අයි.ඒස්.ත්‍රස්තවාදී කල්ලිෙය් නායක අබු-ඊබ්‍රාහිම් අල් කුරායිෂි අෙමරිකානු ප්‍රහාරයකින් මියෙගාස් තිෙබනවා.

ඉන්දුනීසියාවට ඔබ්බෙන් මුහුදේ ප්‍රබල භූ කම්පනයක් හට ගෙන තිබේ. එය රිච්ටර් මාපාංක 6යි දශම 2ක් ලෙසයි සටහන්ව ඇත්තේ.

අමෙරිකාව තම රට යුද්ධයකට ඇද දැමීමට සූදානම් වන බව රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් පවසයි

ෆයිබර් බයෝ එන්ටෙක් ආයතනය මාස 6ට වැඩි දරුවන් සඳහා සිය කොරෝනා මර්දන එන්නත නිර්දේශ කර තිබේ. ඊට අමෙරිකානු සෞඛ්‍ය නියාමකන්ගේ අනුමැතිය අපේක්ෂාවෙන් සිටින බවයි වාර්තා වන්නේ.

ඩෙන්මර්කයෙන් හඳුනා ගැනුණු ඔමික්‍රෝන් ප්‍රභේදයේ උපප්‍රභේදය සෙසු සියලු ප්‍රභේදයන්ට සාපේක්ෂව ඉහළ ව්‍යාප්තියක් පෙන්නුම් කරයි.

රුසියාවේ, ඔමික්‍රෝන් ප්‍රභේදයේ ශීඝ්‍ර ව්‍යාප්තියත් සමඟ අදත් වාර්තාගත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාවක් හඳුනාගනු ලැබුවා.

බ්‍රසීලයේ සාඕ-පාවොලෝ ප්‍රාන්තයට බලපා ඇති දැඩි ගංවතුරෙන් 19 දෙනෙකු මියගොස් තිබෙනවා.

අමෙරිකාවේ නැගෙනහිර වෙරළ තීරය ආශ්‍රිත කලාපවලට බලපා ඇති අධික හිමපතනය හේතුවෙන් ප්‍රාන්ත පහකට හදිසි තත්වයක් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

යුක්‍රේන අර්බුදය හේතුවෙන් නැගෙනහිර යුරෝපා කලාපය තුළ රඳවා ඇති සිය හමුදාව දෙගුණයක් දක්වා වැඩි කිරීමට බ්‍රිතාන්‍ය සූදානම් වනවා.

Latest News