ලොව වැඩිම දෛනික කොවිඩ් ආසාදිතයින් ජර්මනියෙන් අද වාර්තා වුණා.

බ්‍රසීලයේ පෙට්‍රෝපොලිස් නගරයට බලපෑම් සිදුවූ ගංවතුර සහ නාය අනතුරුවලින් 120 දෙනෙකු පමණ ජීවිතක්ෂයට පත්ව තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා සදහන් කරන්නේ, තවත් 100ට වැඩි පිරිසක් අතුරුදන්ව ඇති බවයි.

පසුගිය ජනවාරි මාසයේ, බැංකු, සුරැකුම් හා රක්ෂණ ක්ෂේත්‍ර හැර චීනය ප්‍රායෝගිකව යොදා ගත් විදේශ ප්‍රාග්ධනයන්හි වටිනාකම ඇ.ඩො. බිලියන 15.84ක් වන අතර එය පසුගිය වසරේ එම කාලයට සාපේක්ෂව සියයට 17.6ක වැඩිවීමකි.

නේටෝ සංවිධානය සමග එක්වුවහොත් , තම රටේ ආරක්ෂාව තහවුරු වන බව යුක්‍රේනය පවසනවා.

යුරෝපීය කලාපයේ රටවල් කිහිපයක් මෙතෙක් පනවා තිබූ කොවිඩ් මර්දන සීමා ලිිහිල් කිරීමට පියවර ගෙන තිබෙනවා.

රුසියාව, යුක්‍රේන දේශසීමාව ආසන්නයේ සිය හමුදා භටයින් ඉහළ නංවමින් සිටින බව අමෙරිකාව පවසයි.

ගෝලීය වශයෙන් කොරෝනා නව ආසදිතයින් වාර්තා වීම ඉකුත් සතියේ 19%කින් පමණ අඩු වී ඇතැයි,ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. එහෙත්, මරණ සංඛ්‍යාවේ වෙනසක් සිදුවී නොමැත.

කොරෝනා වෛරස ආසාදිතයෙකු තුළ දිගු කාලීන රෝග ලක්ෂණ පැවතීම, එන්නත්කරණයෙන් අවම කර ගත හැකි බව බ්‍රිතාන්‍ය අධ්‍යයනයකින් හෙළි වී තිබේ.

ඉන්දීය සිනමාවේ 'ඩිස්කෝ සංගීත රජු' ලෙස සැලකෙන බප්පි ලහිරි අද අභාවප්‍රාප්ත විය. මුම්බායි නුවර රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු මිය ගිය බවයි, ඉන්දිය මාධ්‍ය වාර්තා කළේ. මිය යන විට ඔහුගේ වයස අවුරුදු 69ක්.

යුක්‍රේන අර්බුදය සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ජා පැවැත්වීමට සූදානම් බව,රුසියාව පවසයි. බටහිර රටවල් විසින් දෙරට අතර අර්බුදයක් ඇති කිරීමට මානබලන බවයි, රුසියාව පවසන්නේ.

ශ්‍රී ලංකා - ඕස්ට්‍රේලියා තීරණාත්මක 03න් වන පන්දුවාර විස්සයි 20 ක්‍රිකට් තරඟය අද පැවැත්වෙයි.

යුක්‍රේනයේ වෙසෙන සියලු අමෙරිකාවුනන්ට පැය 48 ක් ඇතුළත ඉවත් වන්නැයි,  ධවල මන්දිරය නිවේදනය කර තිබෙනවා.

කොවිඩ් වසංගතයේ දරුණුම අවදිය මේ වසර මැද වන විට අවසන් විය හැකි බවට ලෝක සෞඛ්‍ය සංවිධානය විශ්වාසය පළ කරනවා.

බ්‍රිතාන්‍යයේ චාර්ල්ස් කුමරුට දෙවැනි වරටත් කොවිඩ්-19 රෝගය ආසාදනය වී තිබෙනවා.

ගෝලීය සමස්ත ජනගහනයෙන් 54.1% ක් කොරෝනා මර්දන එන්නත් ලබාගෙන ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා.

නෙදර්ලන්තයේ දෛනික කොවිඩ් ආසාදිතයින්ගේ ඉහළයාමක් පෙන්නුම් කරයි.

මැදපෙරදිග රටවල ඉකුත් සති කිහිපයේ කොවිඩ් ආසාදිතයින්ගේ වැඩිවීමක් දක්නට ලැබෙන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. 

කොලොම්බියාවේ සිදුවූ නාය යාමකින් 14 දෙනෙකු මියගොස් තිබෙනවා.

කොරෝනා වෛරසයේ ඔමික්‍රෝන් ප්‍රභේද ව්‍යාප්තිය ආරම්භ වූ දින සිට අලුතින් මරණ ලක්ෂ 5කට අධික සංඛ්‍යාවක් සිදුව ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. මෙය අතිශය ඛේදජනක තත්වයක් ලෙසයි එම සංවිධානය හඳුන්වා දී ඇත්තේ.

යුක්‍රේනය සහ රුසියාව අතර යුද ගැටුමක් වැළැක්වීම සඳහා යුක්‍රේන ජනාධිපතිවරයා හමුවී සාකච්ජා කිරීමට ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රෝන් යුක්‍රේන අගනුවරට පැමිණ තිබෙනවා.

Latest News