ඇෆ්ගනිස්තානයේ පෝලියෝ ප්‍රතිශක්තිකරණ වැඩසටහන්වල යෙදුණු සෞඛ්‍ය සේවකයින් 8 දෙනෙකු ඊයේ දිනයේ දී ඝාතනය කර ඇතැයි, විදෙස් මාධ්‍ය පවසනවා.

ඕස්ට්‍රේලියාවේ ක්වීන්ලන්ඩ් ප්‍රාන්තයට බලපෑ දරුණු ගංවතුර තත්වයෙන් පස් දෙනෙකු මියගොස් තිබෙනවා.

සටන් විරාමයකට යොමු වී වහාම සාකච්ඡා මාර්ගයකට පිවිසෙමු යැයි යුක්‍රේන ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි එරට රූපවාහනි මාධ්‍ය ඔස්සේ රුසියානු ජනාධිපති ව්ලැද්මිර් පුටින්ගෙන් ඉල්ලීමක් කළේය.

යුක්‍රේනයේ කීව් අගනුවර ආසන්නයේ පිපිරීම් සහ වෙඩි තැබීම් සිදුවන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. රුසියානු හමුදාවේ මීළඟ ඉලක්කය වී ඇත්තේ, යුක්‍රේනයේ බ්‍රොයිස්චිනා දිස්ත්‍රික්කයේ විදුලි බලාගාරයයි.

ඉන්දුනීසියාවේ බටහිර සුමාත්‍රා දූපත් ආසන්නයේ අද උදෑසන භූ කම්පනයක් සිදුව තිබේ. එය රික්ටර් පරිමාණයේ දැක්වෙන්නේ 6.2ක අගයක් ලෙයි.

රුසියාව ඊයේ එල්ල කළ ප්‍රහාරවලින් තම රටේ 137 දෙනෙකු මියගොස් ඇති බව යුක්‍රේන රජය පවසයි. 

තමන් යුධමය ක්‍රියාමාර්ගයකට එළඹෙන බව පවසමින් යුක්‍රේන හමුදාවට ආයුධ බිම තබා සිය නිවෙස් වෙත යන්නැයි, රුසියානු ජනාධිපතිවරයා දැනුම් දී තිබේ.

රුසියාව සහ යුක්‍රේනය අතර පවත්නා දේශපාලන අර්බුදය හමුවේ යුක්‍රේනයේ ඉන්දීය ජාතිකයන් ඉවත් කිරීමට පියවර ගෙන තිබේ. ඒ සඳහා විශේෂ ගුවන් යානයක් යොදවා ඇතැයි, ඉන්දීය රජය පවසයි.

සියලු පුරවැසියන් පීසීආර් පරීක්ෂණයකට පෙනී සිටීම අනිවාර්ය බව, හොංකොං රජය පවසයි.

යුක්‍රේනයේ කැරලිකරුවන්ගේ පාලනය යටතේ පවතින ඩොනෙට්ස්ක් සහ ලුහාන්ස්ක් ප්‍රදේශ 2 ස්වාධීන ප්‍රදේශ ලෙස තමා පිළිගන්නා බව රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් සඳහන් කරයි.

ඔස්ට්‍රෙිලියාව කොරෝනා වසංගතයෙන් පසු සිය දේශසීමා අද සම්පූර්ණයෙන් විවෘත කළා.

අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් යුක්‍රේන අර්බුදය සම්බන්ධයෙන් රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පූටින් සමග සාකච්ඡාමය සමුළුවක් පැවැත්වීමට එකඟතාවය පළකර තිබෙනවා.

යුක්‍රේන දේශසීමා ආසන්නයේ සිදු කෙරෙන යුද අභ්‍යාසවල කාලසීමාව දීර්ඝ කිරීමට රුසියානු බලධාරීන් තීරණය කර තිබේ.

බ්‍රිතාන්‍යයේ එළිසබෙත් මහ රැජිනට කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා.

ග්‍රීසියේ කෝෆු දූපත ආසන්නයේ දී නෞකාවක් ගිනි ගැනීමෙන් අතුරුදන් වූ 12 දෙනෙකු සොයා මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මකයි.

ගෝලීය කොරෝනා මරණ සංඛ්‍යාව පනස් නව ලක්‍ෂය අද (20) ඉක්මවා ගියා.

යුරෝපය හරහා යමා ගිය "ඉයුනිස්" සුළි කුණාටුවෙන් සිව්දෙනෙකු මිය ගිය අතර,  දහස් සංඛ්‍යාත පිරිසකට හානි සිදුවී තිබෙනවා.

රුසියානු ජනාධිපති විලැද්මීර් පූටින් එළඹෙන සතියේදී යුක්‍රේනය ආක්‍රමණය කරනු ඇතැයි, අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් පවසනවා.

චීනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නිල ටික්ටොක් ගිණුම ජනගත කෙරේ. බෙයිජිං නුවර, ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ දී උත්සවය පැවැත්විණ.

ග්‍රීසියට ඔබ්බෙන් කෝර්ෆු දූපත ආසන්නයේ දී නෞකාවක් ගිණිගැනීමකට ලක්ව තිබේ.

Latest News