යුරෝපා කලාපයේ කොරෝනා වසංගතය ආරම්භයේ සිට වාර්තාවන ආසාදිතයින් සංඛ්‍යාව අද මිලියන 100 ඉක්මවා ගියා.

උපකාරමය මරණයක් සඳහා නීතියෙන් අවසර ලබාදීමට, ඔස්ට්‍රියානු රජය තීරණය කර තිබෙනවා.

ඉන්දියාවේ, කාශ්මීර් ප්‍රදේශයේ හින්දු දේවස්ථානයක් තුළ සිදුවූ තෙරපීමකින්, පුද්ගලයින් 12 දෙනෙකු මියගොස් තිබෙනවා.

කොවිඩ් වසංගත තත්වය හා අධික ශීත කාලගුණය හේතුවෙන් එක්සත් ජනපදයේ ගුවන් ගමන් රැසක් අවලංගු කිරීමට එරට රජය තීරණය කර තිබෙනවා.

2022 වසරේ සියලු රටවල් සාමූහිකව ක්‍රියා කළහොත් කොරෝනා වසංගතය පාලනය කළ හැකි බව, ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා.

මෙවර ද 2022 නව වසර පිළිගැනීමට ලෝකවාසී සියලු ජනයා සූදානමින් සිටිය අතර බොහෝ රටවල් සෞඛ්‍ය මාර්ගෝපදේශ අනූව විවිධ උත්සව සිරි ගැන්වෙන අයුරින් සැණකෙළි හා ගිණිකෙළි සංදර්ශන සංවිධානය කර තිබිණ.

2022 නව වසර නිමිත්තෙන් චීන ජනාධිපති ෂි ජින් පිං මහතා චීන මාධ්‍ය සමූහය සහ වෙබ් අඩවි ඔස්සේ සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කළේය.

අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් හා රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් යන මහත්වරුන් අතර තවත් දුරකතන සාකච්ඡාවක් ලබන බ්‍රහස්පතින්දා පැවැත්වෙයි.

ස්පාඤ්ඤ කොරෝන අවදානම ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.

ඉරානය තවත් රොකට්ටුවක් ඊයේ අභ්‍යවකාශ ගත කර තිබේ. බලධාරීන් පවසන්නේ, අභ්‍යවකාශයට චන්ද්‍රිකා රැගෙන යන වර්ගයේ රොකට්ටුවක් මෙලෙස ගුවන් ගත කළ බවයි.

පසුගියදා නිමා වූ චීනයේ ග්‍රාමීය කටයුතු පිළිබඳ මධ්‍යම රැස්වීමේ දී ඉදිරි වසරේ කෘෂිකර්මාන්තය, ග්‍රාමීය ප්‍රදේශ හා ගොවීන් සම්බන්ධ සැලසුම් ඉදිරිපත් කර තිබේ.

ඉරානය අභ්‍යවකාශ රොකට්ටුවක් ගුවන්ගත කර තිබෙනවා.

ඔස්ට්‍රෙිලියාවේ කෙරෝනා වසංගතය ආරම්භයේ සිට මේ දක්වා එක් දිනක් තුළ එරටින් වාර්තා වූ වැඩිම කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව අද (30) වාර්තා වුණා.

ඔසාමා බින් ලාඩන් අත්අඩංගුවට ගැනීමේ මාරාන්තික මෙහෙයුම ඇතුළු විශේෂ මෙහෙයුම් රැසක් සිදු කළ අමෙරිකාවේ සුපිරි හමුදා අනුඛණ්ඩයක් වන සීල් ටීම් සික්ස් නිර්මාතෘ සහ එහි ප්‍රථම අණදෙන නිලධාරියා වූ රිචර්ඩ් මාර්සින්කෝ මියගොස් තිබේ.

ඩෙල්ටා සහ ඔමික්‍රොන් කොවිඩ් වෛරස් ප්‍රභේද ලොව පුරා පැතිර යාමේ ශීඝ්‍රතාව සලකා බැලීමේ දී එය කොවිඩ් සුනාමියක් බවට පත්විය හැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවයි.

කොවිඩ් වසංගත සමයේ ලොව පුරා තිරගත වූ ස්පයිඩර් මෑන් නවතම චිත්‍රපටය වන No Way Home ඩොලර් බිලියනයක වාර්තාගත ආදායමක් උපයා ගැනීමට සමත් වී තිබේ.

ඊජිප්තුවේ පා‍රාවෝ මමියක් ප්‍රථමවරට ඩිජිටල් තාක්ෂණයෙන් අධ්‍යයනය කිරීමට විද්‍යාඥයන් ක්‍රියාකර තිබේ. මෙලෙස අධ්‍යයනය කර ඇත්තේ, අමේන්හොටෙප් රජුගේ මමිය බව විදෙස් වාර්තාවල සඳහන්.

ජපානයට බලපා ඇති අධික හිම සහිත කාලගුණය හේතුවෙන් ගුවන් ගමන් 100 කට වැඩි සංඛ්‍යාවක් අවලංගු කර ඇත.

තෙරේසා මව්තුමියගේ පුණ්‍යාධාර පදනමට විදේශ ආධාර ලබා දීම ඉන්දීය රජය අත්හිටුවා තිබේ. ඒ ඉදිරි වසර සඳහා විදේශ ආධාර ලබා ගැනීමේ බලපත්‍රය අලුත් කිරීම ප්‍රතික්ෂේප කිරීමෙන්.

ඇෆ්ගනිස්ථාන කාන්තාවන්ට තනිවම දුර ගමන් හෝ සංචාරය කිරීම තලෙබාන් සංවිධානය විසින් තහනම් කර තිබේ.

Latest News