ඉකුත් පැය 24ක කාලය තුළ ලොව වැඩිම කොරෝනා මරණ සංඛ්‍යාව අමෙරිකා එක්සත් ජනපදයෙන් වාර්තා වුණා.

ගෝලීය කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ශීඝ්‍ර ලෙස ඉහළ යමින් පවතින බව, සෞඛ්‍ය විශේෂඥයින් පවසනවා.

තම රටේ ඇති වී තිබෙන තත්වය සම්බන්ධයෙන් අනවශ්‍ය භීතියක් ඇති නොකරන්නැයි, යුක්‍රේන ජනාධිපතිවරයා බටහිර රටවලින් ඉල්ලනවා.

මීළඟ කොවිඩ් ප්‍රභේදය ඔමික්‍රෝන් ප්‍රභේදයට වඩා ඉහළ බෝවීමේ වේගයක් ඇති බව, ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා.

දකුණු චීන මුහුදේ දී අනතුරට පත් "එෆ් 35" වර්ගයේ ප්‍රහාරක ජෙට්යානය සොයා ගැනීම සම්බන්ධයෙන් මේ වන විට දැඩි තරගයක් හට ගෙන තිබේ.

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා, ජාත්‍යන්තර ඔලිම්පික් කමිටු සභාපති Thomas Bach මහතා හමුවෙයි. හමුව, 25 වැනිදා  බෙයිජිං හිදී පැවැත්විණ.

රුසියාව නිපදවූ ස්පුට්නික් ලයිට් බූස්ටර් එන්නත, ඔමික්‍රෝන් ප්‍රභේදයට එරෙහි සාර්ථක ඵලදායිතාවක් පෙන්නුම් කරන බව හෙළි වී තිබෙනවා.

මධ්‍යම ආසියාවේ රටවල් කිහිපයක විදුලිය ඇනහිටීමක් සිදුව තිබේ.

ඉන්දියාවේ කොරෝනා නව ආසාදිතයින්ගේ සංඛ්‍යාව ඉදිරි සතිවල තවදුරටත් උග්‍ර ලෙස ඉහළ යා හැකි බවට එරට සෞඛ්‍ය විශේෂඥයින් අනතුරු අඟවනවා.

රුසියාව, යුක්‍රේනය ආක්‍රමණය කළ හොත් නැගෙනහිර යුරෝපයේ නේටෝ හමුදා ශක්තිමත් කිරීම සඳහා තම හමුදා භට ඛණ්ඩ සීරුවෙන් තැබීමට අමෙරිකාව පියවර ගෙන තිබේ.

ජනාධිපති රෝච් කබොරේ නෙරපා තමන් බලය අල්ලාගත් බව බූකිනා ෆාසෝ හමුදාව පවසයි.

"ඔමික්‍රෝන් ප්‍රභේදය ව්‍යාප්තියෙන් පසු යුරෝපයේ කොරෝනා වසංගතය අවසන් විය හැකි බව, ලෝක සෞඛ්‍ය සංවිධානයේ යුරෝපා කලාපීය අධ්‍යක්‍ෂවරයා පවසනවා.

යුක්‍රේනය තුළ පවතින අවදානම හමුවේ තම තානාපති කාර්යාල නිලධාරීන් සහ ඔවුන්ගේ ඥාතීන්ට එරටින් පිටවන ලෙස අමෙරිකාව දැනුම් දී තිබේ.

ජපානයේ කොරෝනා ව්‍යාප්තිය යළි ඉහළ ගොස් තිබෙනවා.

කැලිෆෝනියාවේ පාලෝ කොලරාඩෝ ප්‍රාන්තයේ හටගත් ලැව් ගිනි තත්වයක් හේතුවෙන් එම ප්‍රදේශයේ ප්‍රධාන මාර්ග රැසක් වසා දැමීමට එරට රජය පියවර ගෙන තිබෙනවා.

යේමනයේ බන්ධනාගාර මධ්‍යස්ථානයට ඊයේ එල්ල වුණු ගුවන් ප්‍රහාරයකින් පුද්ගලයින් 100කට අධික පිරිසක් ජිවිතක්‍ෂයට පත්ව ඇති අතර, තවත් 200කට අධික පිරිසක් තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ලෝක වෙළඳපොලේ බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 85 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

බූස්ටර් එන්නත් මාත්‍රාවෙන් 90% ආරක්ෂාවක් සපයන බව දේශීය අධ්‍යයනයකින් හෙළිවී ඇතැයි, අමෙරිකානු රෝග පාලන හා වැළැක්වීමේ මධ්‍යස්ථානය පවසනවා.

සෞදි අරාබිය,යේමනයේ බන්ධනාගාරයකට එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් 70 දෙනෙකු මියගොස් තිබේ. යේමනය පවසන්නේ, මියගිය පිරිස තවත් වැඩි විය හැකි බවයි.

සුනාමි ව්‍යාසනයකට ගොදුරු වූ ටොංගා දූපත් වෙත විදෙස් ආධාර අද (20) ප්‍රථමවරට ලඟාවුණා.

Latest News