කොරෝනා වෛරසයේ ඔමික්‍රෝන් ප්‍රභේදය ව්‍යාප්ත වීම ඉහළ යාම හේතුවෙන්, ප්‍රංශය දැඩි නීති රීති හඳුන්වා දී තිබේ. යම් තරමකට ලිහිල් කර තිබූ නීති රීති රැසක් යළි පැනවීමට ද ප්‍රංශ රජය පියවර ගනු ලැබීය.

අමෙරිකාවේ කොරෝනා ආසාදිතයින් සඳහා වන නිරෝධායන කාලසීමාව දින 10 සිට 5 දක්වා අඩුකර තිබේ.

අමෙරිකාවේ කැලිෆෝනියා ඇතුළු බටහිර ප්‍රදේශයේ ප්‍රාන්ත රැසක්, දැවැන්ත හිම කුණාටුවලින් බලපෑමට ලක්ව තිබෙනවා.

ඔමික්‍රොන් ව්‍යාප්තිය හේතුවෙන් අන්තර්ජාතික ගුවන් ගමන් රැසක් ඊයේත් අවලංගු කෙරිණ.

ලිබියාවට ආසන්න මුහුදේදී සරණාගතයන් රැගත් බෝට්ටුවක් පෙරළීමෙන් 30 දෙනෙකුට ආසන්න පිරිසක් මියගොස් තිබේ. ලිබියානු බලධාරී පවසන්නේ, සිරුරු රැසක් වෙරළට ගොඩගසා ඇති බවයි.

ගෝලාන් කඳුකර ප්‍රදේශයේ අත්පත් කරගත් ප්‍ර‍දේශවල ජනාවාස පිහිටුවීම දෙගුණ කරන බව ඊශ්‍රායලය පවසයි. අගමැති නෆ්ටාලි බෙනට් සඳහන් කරන්නේ අමෙරිකාවෙන් ලැබුණු පිළිගැනීමත් සමග මෙම තීරණය ගත් බවයි.

දකුණු අප්‍රිකාවේ වර්ණ භේදවාදයට එරෙහිව නැගී සිටි පුරෝගාමී ක්‍රියාකාරිකයෙකු හා ගෝලීය මානව හිමිකම් සුරැකීමට නායකත්වය දුන් නොබෙල් සාම ත්‍යාගලාභී අගරදගුරු ඩෙස්මන් ටුටු පියතුමා, අද (26) ස්වර්ගස්ථ වුණා.

විශ්වයේ ආරම්භය සොයා යන ජේම්ස් වෙබ් අභ්‍යවකාශ දුරේක්ෂය රැගත් රොකට්ටුව ඊයේ සාර්ථකව ගමන් ආරම්භ කෙරිණ.

ඔමික්‍රෝන් ප්‍රභේදයේ ව්‍යාප්තියත් සමග එහි වැඩිම බලපෑමට ලක්ව ඇත්තේ එක්සත් රාජධානියයි.

ප්‍රංශයේ කොවිඩ් ආසාදිතයින්ගේ සංඛ්‍යාව වාර්තා ගත ලෙස ඉහළ ගොස් ඇතැයි,  එරට සෞඛ්‍ය අංශ පවසනවා.

කොංගෝ රාජ්‍යයේ නැගෙනහිර බෙනී නගරයේ ජනාකීර්ණ අවන්හලක සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් පුද්ගලයින් 7 දෙනෙකු මියගොස් තිබෙනවා.

ලොව වැඩිම කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව අද (25) වාර්තා වූයේ අමෙරිකාවෙන්.

"එක් තීරයක් එක් මාවතක්" වැඩසටහනට අයත් ව්‍යාපෘති ක්‍රියාත්මක  රටවල් සමඟ ඇති ආයෝජන සහයෝගීතාව චීනයේ විදේශ ආයෝජනවල කැපී පෙනෙන අංගයක් වන බව චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක  ගඕ ෆෙං මහතා කියාසිටී. එසේම, එම ආයෝජන සහයෝගීතා අඛණ්ඩව ඉහළ යමින් පවතී.

යුරෝපා කලාපයේ මෙන්ම විවිධ රටවල ඔමික්‍රෝන් ආසාදිතයන් වාර්තා වීම හේතුවෙන් සංචාරක ක්ෂේත්‍රය තවමත් අවිනිශ්චිත තත්වයට පත්ව තිබේ.

ලොව පුරා කිතුණු ප්‍රජාව නියෝජනය කරමින් ප්‍රධාන දේව මෙහෙය ඊයේ රාත්‍රී පැවැත්වුණේ, වතිකානයේ ශාන්ත පීතර බැසිලිකා දේවස්ථානයේදී. ඒ අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ ප්‍රධානත්වයෙන්.

මොන්ටිනේග්‍රෝ රාජ්‍යයේ ජනාධිපති මිලෝ ජුකනොච්චි හට කොවිඩ් ආසාදනය වී තිබේ.

යුරෝපා රටවල් රැසකම කොරෝනා අවදානම යළිත් ශීඝ්‍ර ලෙස ඉහළ ගොස් තිබේ. පසුගිය දින කිහිපය තුළ රටවල් කිහිපයකින්ම වාර්තා ගත රෝගීන් පිරිසක් හමුවිය.

ද.කොරියාවේ හිටපු ජනාධිපති පාර්ක් ගූන් ගේ හට ජනාධිපති සමාව ලබාදී තිබේ. ඇය දූෂණ චෝදනාවලට වරදකරු වීම හේතුවෙන් සිරදඩුවම් සිටිමින් සිටියේය.

ඇෆ්ගනිස්ථානයේ - තලෙයිබාන් සංවිධානය සමග මානුෂවාදී ක්‍රියාකාරකම් වෙනුවෙන් ගනුදෙනු කිරීමට එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය අවසර දී තිබේ.

කො‍රෝනා පැතිරයාමේ අවදානමක් හේතුවෙන් චීනයේ, ෂියෑන් නගරය සම්පූර්ණයෙන් වසා තැබීමට පියවර ගෙන තිබේ.

Latest News