ඇෆ්ගනිස්ථානයේ වැඩ කරන ජනතාවට වැටුප් වෙනුවට ආහාර බෙදාදීමේ වැඩසටහන තවදුරටත් පුළුල් කරන බව, තලෙයිබාන් සංවිධානය පවසනවා.

උතුරු කොරියාව, දින 6ක් තුළ දෙවන බ්ලැස්ටික් මිසයිලයක් දියත් කර ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඉන්දියාවෙන් එක්ලක්‍ෂ 67 දහස ඉක්මවූ කොරෝනා නව ආසාදිතයන් පිරිසක් ඊයේ හඳුනා ගැනුණා.

ජානමය ලෙස වෙනස් කෙරුණු සූකරයෙකුගේ හදවතක් ප්‍රථම වරට මනුෂ්‍යයෙකුට බද්ධ කිරීමට අමෙරිකානු වෛද්‍යවරු පිරිසක් සමත්ව තිබේ.

ඔස්ට්‍රෙිලියාවේ කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව අද මිලියනයේ සීමාව පසු කළා.

අමෙරිකාවේ නිව්යෝක් හි මහල් ගොඩනැගිල්ලක ඇතිවූ ගින්නකින් 19 දෙනෙකු මියගොස් තිබෙනවා.

ඔමික්‍රෝන් ප්‍රභේදය මෘදු ප්‍රභේදයක් ලෙස හඳුන්වාදීම සම්බන්ධයෙන් තම ආයතනයේ කනගාටුව පළකරන බව, ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා.

ටර්කමෙනිස්තානයේ "නිරයේ දොරටුව" නමින් හඳුන්වන දැවැන්ත කාන්තාර වායු ආවාටය වසා දැමීමට එරට ජනාධිපති ගර්බන්ගුලි බර්ඩමිහම්ඩව් නියෝගකර තිබෙනවා.

බ්‍රසීලයේ සංචාරක බෝට්ටුවක් මතට කඳු බෑවුමක කොටසක් කඩා වැටීමෙන් පුද්ගලයින් 07 දෙනෙකු මියගොස් තිබෙනවා.

උතුරු දිග පකිස්තානයේ කඳුකර මාර්ගයක අධික හිම පතනයට ගොදුරුවීමෙන් 21 දෙනෙකු මියගියා.

ඉන්දියාවෙන් දෛනිකව වාර්තා වන කොවිඩ් ආසාදිතයින්ගේ සංඛ්‍යාව ශීඝ්‍ර ඉහළ යාමක් දක්නට ලැබෙන බව, සෞඛ්‍ය අංශ පවසනවා.

ලොව වැඩිම කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව අද (08) අමෙරිකා එක්සත් ජනපදයෙන් වාර්තා වුණා.

ගෝලීය දෛනික කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 25 ලක්ෂය ඉක්මවා ගොස් තිබේ. ඔමික්‍රෝන් ප්‍රභේදයේ ශීඝ්‍ර ව්‍යාප්තිය හේතුවෙන්.

බෙයිජිං 2022 ශීත ඍතු ඔලිම්පික් සහ පැරාලිම්පික් උළෙලවල පූර්ව සූදානම පිළිබඳ විමසා බැලීම සඳහා චීන ජනාධිපති ෂී ජින්පිං මහතා බෙයිජිංහි ජාතික ස්පීඩ් ස්කේටිං ක්‍රීඩාංගණයට හා Erqi (අර්චි) අයිස් හා හිම ව්‍යාපෘති පුහුණු කඳවුරට පැමිණෙයි.

උතුරු කොරියාව, තවත් ප්‍රබල බැලැස්ටික් මිසයිලයක් අත්හදා බලා තිබේ.

ප්‍රංශයෙන් කොරෝනා වෛරසයේ තවත් විකෘති ප්‍රභේදයක් හඳුනා ගෙන තිබේ. B.1.640.2 නොහොත් IHU නමැති මෙම ප්‍රභේදය එරට දකුණු දිග ප්‍රදේශයෙන් හඳුනා ගෙන ඇති බවයි, වාර්තා වන්නේ. මේ අතර චීනයේ යූෂෝ නගරය මුළුමනින්ම වසා දමා තිබේ.

හයිටි අග්‍රාමාත්‍යවරයා ඝාතනය කිරීමට ගත් උත්සහයක් ව්‍යාර්ථ කර තිබේ.

බ්‍රිතාන්‍යයේ සියලුම ද්විතීයික පාසල් සිසුන්ට පංති කාමර වෙත පැමිණීමේ දී මුව ආවරණ පැළදීම අනිවාර්ය කර තිබේ.

දකුණු කොරියාවේ කොරෝනා ඔමික්‍රෝන් ප්‍රභේදය ආශ්‍රිත පළමු මරණය අද (03) වාර්තා වුණා.

දකුණු අප්‍රිකාවේ පාර්ලිමේන්තු ගොඩනැගිල්ලට ගින්නකින් අලාභහානි සිදුව තිබෙනවා.

Latest News