පසුගිය සති කිහිපයේ දී බොස්ට්වානා රාජ්‍යයේ වන අලි දෙසිය අසූඑක් දෙනෙකු අබිරහස් ලෙස මියයාමට හේතුව ස්වභාවික විෂ වායුවක් විය හැකි බව මූලික පරීක්ෂණවලදී හෙළිව තිබෙනවා.

Beidou - 3 චන්ද්‍රිකා මඟපෙන්වීම් පද්ධතියේ ක්‍රියාකාරීත්වය ආරම්භ කරන බව චීන ජනාධිපති ෂී ජින්පිං මහතා ප්‍රකාශ කරයි.

ඇෆ්ගනිස්තානයේ ලෝගර් පළාතේ, මෝටර් රථයක අටවා තිබූ බෝම්බයක් පුපුරායාමෙන් පුද්ගලයන් 17 දෙනෙක් මිය ගියේය. මෙම ප්‍රහාරය මරාගෙන මැරෙන බෝම්බකරුවෙකු විසින් සිදු කර ඇති බවටයි, ආරක්ෂක අංශ විශ්වාසය පළ කරන්නේ.

එක්කෝටි හැත්තෑ හතර ලක්ෂ හැත්තෑ හතර දහස ඉක්මවූ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාවක් අද වන විට ගෝලීය වශයෙන් වාර්තා වී තිබේ. ගෝලීය වශයෙන් කොරෝනා වෛරසය හේතුවෙන් වාර්තා වන සමස්ත මරණ සංඛ්‍යාව හය ලක්ෂ හැත්තෑ හය දහස ඉක්මවා ගොස් ඇති බවයි, වාර්තා වන්නේ.

දැඩි සෞඛ්‍ය පිළිවෙත් මධ්‍යයේ ඉන්දුනීසියානු මුස්ලිම් බැතිමතුන් ඉද් සමයේ ප්‍රථම යාඥා මෙහෙයක් ආරම්භ කළේය.

අමෙරිකාව තුළ ගතවූ පැය 24ට නව කොරෝනා ආසාදිතයන් 68,569 දෙනෙක් වාර්තා විය. එරට ආසාදිතයන් සංඛ්‍යාව 46 ලක්ෂ 34,000 ඉක්මවා ඇති බවයි, වාර්තා වන්නේ.

වැඩිහිටි ප්‍රජාව වැඩි වශයෙන් බිලිගත් කොරෝනා වෛරසය මේ වනවිට තරුණ ප්‍රජාව වෙත ව්‍යාප්තවීමේ වැඩි අවදානමක් මතුව ඇතැයි, ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

කොරෝනා වෛරසයේ දෙවැනි රැල්ලකින් බලපෑම් එල්ල වී ඇති ඔස්ට්‍රේලියාවේ වෛරස් ව්‍යාප්තිය තවදුරටත් උග්‍ර වෙමින් පවතී.

ඉකුත් පැය 24 තුළ ඉන්දියාවේ අලුතින් කොරෝනා වෛරස් ආසාදිතයන් 52,249 දෙනෙකු හදුනා ගැනීමත් සමග, එරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 15ස් ලක්‍ෂ 84,000 ඉක්මවා ගියේය.

ලොව කොරෝනා ආසාදිතයන් දෙවනුවට වැඩිම රට බ්‍රසීලයයි.

අමෙරිකාවේ සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව මේ වනවිට 45න් ලක්‍ෂ 68,000 ඉක්මවා ගොස් තිබේ.

ලොම් සහිත මැමත් ඇතෙකුගේ අස්ථි පද්ධතියක් රුසියාවෙන් සොයා ගෙන තිබේ.

ආර්ජන්ටිනාවේ කොරෝනා ආසාදිතයින්ගේ වැඩිවීමත් සමඟ එරට රෝහල් සතු දැඩි සත්කාර ඒකක තුළ ඇඳන් හා පහසුකම් හිඟයක් උද්ගතව තිබේ.

කොරෝනා වෛරසය පැතිර යන රටවල් අතරින් මෙක්සිකෝ රාජ්‍ය අවදානම් තත්වයේ පසුවන තවත් රටක් බවට පත්ව තිබේ.

ගෝලීය කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව එක්කෝටි හැට ලක්‍ෂ 93,000 ඉක්මවා තිබේ.

චීනයේ ජාතික සෞඛ්‍ය කොමිසම සඳහන් කර සිටියේ ගතවූ පැය 24 තුලදී වෙරටින් නව කොරෝනා රෝගීන් 101 දෙනෙකු වාර්තා වූ බවයි.

ලොව කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව අද වනවිට එක්කෝටි 64 ලක්‍ෂ 40,000 ඉක්මවා ගොස් තිබේ.

අමෙරිකානු ජනාධිපතිවරයාගේ ජාතික ආරක්‍ෂක උපදේශක රොබට් ඕ බ්‍රයන් හට කොරෝනා වෛරසය ආසාදනය වී තිබේ.

තම සංවිධානය, ඉතිහාසයේ මුහුණදුන් බරපතලම හදිසි තත්වය කොවිඩ්-19 වසංගතය බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

යුරෝපා රටවල නව කොරොනා ආසාදිතයින් සංඛ්‍යාව තියුණු ලෙස ඉහළ යෑමත් සමඟ බ්‍රිතාන්‍යය, ප්‍රංශය, ජර්මනිය සහ ඔස්ට්‍රියාව ඇතුළු රටවල් දැඩි වසංගත පාලන පියවර ප්‍රකාශයට පත් කරයි.

Latest News