නිවර්තන සුළි කුණාටුවක් වන “ඉසයියාස්” ලෙස නම් කර ඇති චණ්ඩ මාරුතය අමෙරිකා එක්සත් ජනපදයේ නැගෙනහිර වෙරළ තීරය දෙසට ගමන් කරමින් තිබේ.

අමෙරිකාව තුළ කොරෝනා වෛරසයේ පැතිරයාම නැවතත් උත්සන්න වී තිබේ.

කොරෝනා වෛරසය සහ උණ රෝගය මිනිත්තු 90ක් තුළ හඳුනාගත ඇති නව ජීවිතාරක්‍ෂක පරීක්‍ෂණයක් බ්‍රිතාන්‍ය හඳුන්වා දී තිබේ.

ඉරානයේ කොරෝනා වෛරසයෙන් මියගිය සංඛ්‍යාව එරට රජය ප්‍රකාශ කළ ප්‍රමාණය මෙන් තුන් ගුණයකින් වැඩි බව, අනාවරණය වී තිබේ.

අසල්වැසි ඉන්දියාවේ කොරෝනා වෛරස් ආසාදිතයන් සංඛ්‍යාව 18 ලක්‍ෂ යේ සීමාව ඉක්මවා ගොස් තිබේ.

බ්‍රසීලයේ සමස්ත කොරෝනා වෛරස් ආසාදිතයන් සංඛ්‍යාව 27 ලක්‍ෂය ඉක්මවා ගොස් ඇත්තේ ඉකුත් පැය 24 තුළ අලුතින් හඳුනා ගැනුණු ආසාදිතයන් 24,801 දෙනා සමඟයි.

ඕස්ට්‍රේලියාවේ අලුතින් කොරෝනා වෛරස් ආසාදිතයන් 395 දෙනෙකු හඳුනාගෙන තිබේ.

ලොව පුරා සමස්ත කොරෝනා වෛරස් ආසාදිතයන් සංඛ්‍යාව එක්කෝටි 80 ලක්‍ෂය ඉක්මවා ගොස් තිබේ.

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉදිරි දිනවලදී චීන මෘදුකාංග සමාගම්වලට එරෙහිව දැඩි පියවර ගන්නා බව, එරට රාජ්‍ය ලේකම් මයික් පොම්පෙයෝ පවසයි.

ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ මාස දෙකක ඓතිහාසික මෙහෙයුමකින් අනතුරුව “ස්පේස් එක්ස් ඩ්‍රැගන්“ කැප්සියුලයෙන් නාසා ගගනගාමීන් දෙදෙනා නිරුපද්‍රිතව පෘථිවිය වෙත ළඟා විය.

ඇමෙරිකාවේ බහමාස් කලාපයට බලපෑ ඉසායස් සුළි කුණාටුව ෆ්ලොරීඩාව වෙත ගමන් කරමින් තිබෙනවා.

ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහුට එරෙහි විරෝධතා උත්සන්න වී ඇති බව වාර්තා වනවා.

චීනයේ අඟහරු ගවේෂණය වන ටියැන්වන් -1 යානය එහි පළමු කක්ෂීය නිවැරදි කිරීම සාර්ථකව සිදු කරයි.

ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයට හදිසි ආපදා තත්ත්වයක් ප්‍රකාශයට පත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

කොරෝනා වෛරස් ගෝලීය වසංගතයේ බලපෑම දශක ගණනාවක් ලොව පුරා පවතිනු ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

දකුණු අප්‍රිකාවේ අද (02) අලුයම වන විට වෛරස ආසාදිතව සිදුව ඇති මරණ සංඛ්‍යාව 8,153ක්.

ලොව පුරා කොවිඩ් - 19 වෛරසය ආසාදිතයන්ගේ මරණ සංඛ්‍යාව 6,82,855ක් බව ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ කොරෝනා තොරතුරු මධ්‍යස්ථානය අද (02) අද වාර්තා කරයි.

කොරෝනා වෛරස මරණ වැඩිම සංඛ්‍යාවක් සිදුවූ රටවල් අතුරින් මෙක්සිකෝව මේ වන විට තෙවැනි තැනට පත්ව තිබේ.

ගෝලීය වශයෙන් මේ වන විට කොරෝනා වෛරසයෙන් සම්පූර්ණ සුවය ලැබූ සංඛ්‍යාව එක්කෝටි එකොළොස් ලක්ෂ පනස් එක් දහස ඉක්මවා ගොස් තිබේ.

මධ්‍යසාර අඩංගු වන විෂබීජනාශක දියර පානය කිරීමෙන් ඉන්දියාව තුළ පුද්ගලයන් 10 දෙනෙක් මියගොස් තිබේ.

Latest News