සුප්‍රකට විද්‍යුත් තැපැල් සේවාවක් වන Gmail සේවාව ඇතුලු තවත් ගූගල් සේවාවල තාක්ෂණික දෝෂයක් ඇතිව තිබේ.

මිට සති කිහිපයකට පෙර මොරිෂස් දුපත ආසන්නයේ කොරල් පරයක ගැටීමෙන් අනතුරට පත් ජපාන සමාගමකට අයත් ඉන්ධන ප්‍රවාහන නෞකාවේ කපිතාන්වරයා සහ එහි දෙවන නියමු නිලධාරියා එරට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඉන්දුනීසියාවේ දකුණූ සුමත්‍රාවල භුකම්පනයක් සිදුව ඇති අතර එයින් ශ්‍රී ලංකාවට සුනාමි අවදානමක් නොමැති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

ස්පාඤ්ඤයේ වෛරසය පැතිරීම නැවතත් වේගවත් වී ඇති බව වාර්තා වනවා.

තායිලන්තයේ බැංකොක් නුවර විරෝධතා උත්සන්න වී තිබෙනවා.

එළඹෙන අමෙරිකානු ජනාධිපතිවරණය මූලික කර ගනිමින් ඩිමොක්‍රටික් පක්ෂයේ සම්මේලනය ආරම්භ වී තිබේ.

ජපානයේ දළ ජාතික නිෂ්පාදිත ශීඝ්‍රයෙන් පහළ ගොස් තිබේ.

ලොව පුරා කොරෝනා ආසාදිතයන් 22,036,529ක් දක්වා ඉහළ ගොස් තිබේ. මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 776,862ක් ලෙසයි.

චෙක් ජනරජයේ කොවිඩ්19 ආසාදිතයන්ගේ සංඛ්‍යාව දිනෙන් දින ඉහළ යෑම හේතුවෙන්,එළැඹෙන සැප්තැම්බර් 1 වැනිදා සිට පොදු ප්‍රවාහන සහ විවිධ ගෘහස්ථ පොදු ස්ථානවලදී මුඛ ආවරණ පැලඳීම අනිවාර්ය කර තිබේ.

එළෙඹෙන සැප්තැම්බර් මස 19 වැනිදා පැවැත්වීමට නියමිතව තිබූ නවසීලන්තයේ මහ මැතිවරණය කල් දැමීමට එරට අග‍්‍රාමාත්‍ය ජසින්තා ආඞ්න් තීරණය කර තිබෙනවා.

බෙලරුස්හි මිනිස්ක් නගරයේ විරෝධතා තවදුරටත් උත්සන්න වී තිබේ. ඒ අනූව ඊයේ දිනයේත් නගරයට රැස්වූ දහස් ගණනක් ජනයා පැවති ජනාධිපතිවරණය අක්‍රමිකතාවලින් යුක්ත බවට චෝදනා කරමින් විරෝධතාවේ නියැලුණි.

ඔස්ට්‍රේලියාවේ,වික්ටෝරියා ප්‍රාන්තයේ ගෙවීගිය දිනයේදී නව කොරෝනා වෛරසය ආශ්‍රිත මරණ 25ක් වාර්තා වී ඇති අතර, එය වසංගතය පැතිරීමෙන් පසු සිදුවු ඉහළම දෛනික මරණ සංඛ්‍යාව බව වික්ටෝරියා සෞඛ්‍ය හා මානව සේවා දෙපාර්තමේන්තුව පවසයි.

ලොව පුරා කොවිඩ්-19 වෛරසය ආසාදනයෙන් මිය ගිය සංඛ්‍යාව 773,685ක් බව ජෝන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාලයේ කොරෝනා තොරතුරු මධ්‍යස්ථානය අද (17) අලුයම වාර්තා කරයි.

රුසියාව කොවිඩ්-19 රෝගය සඳහා අලුතින් හඳුන්වාදුන් "ස්පුට්නික් වී" ඒන්නත නිෂ්පාදනය මේ වනවිට ආරම්භ කර තිබේ.

අද වනවිට කොරෝනා ගෝලීය ආසාදිතයින් සංඛ්‍යාව දෙකෝටි 16 ලක්‍ෂය ඉක්මවයි.

ඉකුත් දිනයන්ට සාපේක්‍ෂව බ්‍රසීලයේ අලුතෙන් වාර්තාවන ආසාදිතයන් සහ කොරෝනා මරණ සංඛ්‍යාව ඉහළ අගයක් ගෙන තිබේ.

ඊයේ දිනයේ කොරෝනා වැඩිම මරණ සංඛ්‍යාව අමෙරිකාවේ සිදුව තිබේ.

ඉකුත් පැය 24 තුළ ලොව වැඩිම කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව අසල්වැසි ඉන්දියාවෙන් වාර්තා වී තිබේ.

ගෝලීය කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව අද වනවිට වාර්තා වන්නේ දෙකෝටි 13 ලක්‍ෂ 54,686ක් ලෙසයි.

54 ලක්‍ෂ 76 දහස ඉක්මවා ඇති අමෙරිකාවේ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව දෛනිකව 50,000කට ආසන්න සංඛ්‍යාවකින් තවදුරටත් වැඩිවෙමින් පවතී.

Latest News