ඉන්දියාව අද සිය 74 වන නිදහස් දිනය සමරයි.

ඊශ්‍රායලය සහ එක්සත් අරාබි එමිර් රාජ්‍යය නව ගිවිසුමකට එළඹ තිබේ.

කියුබාව සමඟ සිදු කරන පුද්ගලික ගුවන් සංචාර තහනම් කිරීමට අමෙරිකාව පියවර ගෙන තිබේ.

අමෙරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තයේ ෂෙරීෆ්වරයා රැකියා කරන අවස්ථාවල මුව ආවරණ පැළඳීම තහනම් කර තිබේ.

ලොව කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව අද වනවිට දෙකෝටි දස ලක්‍ෂය ඉක්මවා ගොස් තිබේ.

නෙදර්ලන්තයේදී මෙතෙක් වාර්තා වූ විශාලතම කොකේන් මත්ද්‍රව්‍ය නිපදවන රසායනාගාරයක් පොලිසිය විසින් රියැදුරු පාසලක තිබී සොයාගෙන තිබේ.

රුසියාව නිෂ්පාදනය කළ මතභේදාත්මක කෝවිඩ්  - 19 සඳහා වූ එන්නත 2021 වසරේ මැද භාගයේ සිට තම රටේ ද නිෂ්පාදනය කිරීම ආරම්භ කරන බව බ්‍රසීලය පවසයි.

බ්‍රසීලයේ ඇමසන් වනාන්තරය ගිනි තබා විනාශ කරන බවට පැතිර යන ප්‍රචාර මුලුමනින්ම අසත්‍ය බව බ්‍රසිල ජනාධිපති ජාර් බොල්සොනාරෝ පවසයි.

අමරිකාවේ ඩිමොක්ක‍්‍රටික් පක්ෂ උප ජනාධිපති ධුර අපේක්ෂකත්වයට කමලා හැරිස් නම් කර තිබේ.

තවත් විශාල පිරිසක් තුවාල ලබා ඇත.

ලෙබනන්හි බේරූට් පිපිරීමත් සමග එරට සේවයේ නිරතව සිටි සංක්‍රමණික සේවකයින් ඔවුන්ගේ ලියකියවිලි ද නොමැතිව සේවයෙන් පහ කිරීමට කටයුතු කර ඇති බව වාර්තා වනවා.

කොවිඩ් -19 වෛරසය මැඩපැවැත්වීමට හැකි එන්නතක් රුසියාවේ මොස්කව් හි සමාගමක් විසින් නිපදවා තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටීන් විසින් තමන්ගේ දියණියක දැනටමත් මෙම කොරෝනා ප්‍රතිරෝධී ඖෂධය එන්නත් කරගෙන ඇති බවයි.

මාස දෙකක කාලයක් මෙම එන්නත් පරීක්ෂණ සදහා යොදාගත් අතර, එහිදී එම එන්නත කාර්යක්ෂම බව ඔප්පු වී තිබේ.

මෙම එන්නත ලබාගත් තම දියණිය මේ වන විට ඉතාමත් සුවයෙන් පසුවන බවද පුටීන් සදහන් කර ඇත.

ඒ අනුව කොරෝනා වෛරසය ප්‍රතිරෝධී එන්නතක් ලියාපදිංචි කළ පළමු රට ලෙස රුසියාව පත්ව තිබේ.

ගත වූ පැය 24 තුළ චීනයෙන් නව ආසාදිතයන් 44 දෙනෙකු වාර්තා විය.

ප්‍රංශයේ පැරිස් නුවරින් වාර්තා වන ආසාදිතයන්ගේ සංඛ්‍යාවේ ශීඝ්‍ර ඉහළ යාමක් පෙන්නුම් කරන බවයි, සඳහන් වන්නේ.

එක්සත් ජාතීන්ගේ සංවිධානය සියළු ආකාර මගින්, ලෙබනනයට වර්තමාන දුෂ්කරතා ජය ගැනීමට අඛණ්ඩ ව සහාය දෙන බව එක්සත් ජාතින්ගේ මහ‍ ලේකම් Antonio Guterres මහතා පවසයි.

චීනයේ ජාතික දුම්රිය භාණ්ඩ ප්‍රවාහන ධාරිතාව ඉහළ යයි.

අමරිකා‍නු ජාතිකයින් 11 දෙනෙකුට එරෙහිව සම්බාධක පනවන බවට චීනය ප්‍රකාශ කරයි.

අමෙරිකාවේ ධවල මන්දිරය අසළ වෙඩි තැබීමක් සිදුව තිබේ. ඒ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මාධ්‍ය සාකච්ජාවක් පවත්වන අතරතුරයි.

බෙලරුස් රාජ්‍යයේ ජනාධිපිපතිවරණ ප්‍රතිඵලවලට එරෙහි විරෝධතා තවදුරටත් ක්‍රියාත්මකයි.

ලෙබනනයේ බීරුට් අගනුවර පිපිරීම සම්බන්ධයෙන් ඇති වූ විරෝධතා නිසා එරට රජය ඉල්ලා අස්වී තිබේ.

Latest News