ලොව පුරා කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව මේ වන විට ලක්ෂ 85 ඉක්මවා ගොස් තිබේ. මරණ සංඛ්‍යාව හාර ලක්ෂ 56,000කට අධිකයි.

චීන අත්අඩංගුවේ සිටි ඉන්දීය හමුදා නිලධාරීන් දස දෙනෙක් අද නිදහස් කරනු ලැබීය.

කොවිඩ් 19 රෝගය වැළඳී ස්වයං හුදකලාව සිය රාජකාරී කටයුතු සිදු කරමින් සිටි හොන්ඩුරාස් ජනාධිපති ජුවාන් ඕර්ලන්ඩෝට නිව්මෝනියා ලක්‍ෂණ පෙන්නුම් කිරීමත් සමඟ හදිසියේ රෝහල් ගතකර තිබේ.

කොරෝනා වෛරසය හට ගැනීමට මිනිස් ක්‍රියාකාරකම් හා පරිසර විනාශය ඉවහල් වන්නට ඇතැයි, එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

මේ වනවිට දකුණු ආසියාවේ කොරෝනා වෛරස් මරමස්ථානය බවට අසල්වැසි ඉන්දියාව පත්ව තිබේ.

මෙක්සිකෝවෙන් ඉකුත් පැය 24 තුළ අලුතින් කොරෝනා ආසාදිතයන් 4599 දෙනෙකු හඳුනාගෙන තිබේ.

ජර්මනියේ “ගොටර්ස්ලෝගිහි” මාංශ නිෂ්පාදන ආයතනයකින් කොරෝනා ආසාදිතයන් 650 දෙනෙකු හඳුනාගෙන තිබේ.

කොරෝනා වෛරසයෙන් වැඩිම බලපෑම් එල්ල වී ඇති ලෝක බලවතා වන අමෙරිකාවේ සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව එක් ලක්‍ෂ 20,000 ආසන්න වී තිබේ.

කොරෝනා වෛරසය හේතුවෙන් ලොව පුරා සිදුවූ මරණ සංඛ්‍යාව 451,000 ඉක්මවා තිබේ.

බ්‍රසීලයෙන් වාර්තාවන ආසාදිතයින්ගේ සංඛ්‍යාව ලක්‍ෂ 09 ඉක්මවා තිබේ.

ගතවූ පැය 24 තුළ ගෝලීය වශයෙන් වාර්තා වන කොවිඩ්-19 රෝගීන් සංඛ්‍යාව 142,557කින් ඉහළ ගොස් තිබේ.

කාශ්මීරයේ ලදාක්‌ ප්‍රදේශයේ ඉන්දු - චීන සෙබළුන්‌ අතර ගැටුමකින්‌ ඉන්දියානු සෙබළුන් 20 ක් ජීවිතක්‍ෂයට පත්ව තිබෙනවා.

ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීමට දකුණු කොරියාව කළ ඉල්ලීම උතුරු කොරියාව විසින් ප්‍රතික්ෂේප කර තිබේ.

ලොව පුරා කොරෝනා ආසාදිත සංඛ්‍යාව ලක්‍ෂ 81 ඉක්මවා තිබේ. මේ වනවිට දිනකට ලක්‍ෂයකට වැඩි රෝගීන් පිරිසක් වාර්තා වන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

අමෙරිකාව මීට පෙර කොරෝනා වෛරසය සඳහා භාවිත කළ හයිඩ්‍රොක්සි ක්ලරෛාක්වින් නමැති ඖෂධය හදිසි අවස්ථාවන් සඳහා භාවිත කිරීම නවතා තිබේ.

චීනයේ කොරෝනා දෙවැනි රැල්ලක් අවදානමක් මතුව තිබේ. එම නිසා එරට නිරෝධායන නීති දැඩි කර තිබේ.

කොරියානු දේශසීමාව ආසන්නයේ පිහිටි යුද මුක්ත කලාපයට හමුදාව යෙදවීමට පියවර ගන්නා බව, උතුරු කොරියාව පවසයි.

බෙයිජිං නගරයේ කොවිඩ් වසංගතය සමූහ වශයෙන් පැතිරයාම වැළැක්වීමට දැඩි පියවර ගත යුතු බව චීන උප අගමැතිනී සුන් චුන්ලන් මහත්මිය පවසයි.

බෙයි ඩෝ චන්ද්‍රිකා මඟ පෙන්වීම් පද්ධතියේ අවසාන චන්ද්‍රිකාව කක්ෂ ගත කිරීමේ ආසන්නයට ළඟ වෙයි.

ප්‍රංශයේ කොරෝනා වෛරසය සම්බන්ධයෙන් පනවා තිබූ නිරෝධායන නීති බොහොමයක් අද සිට ඉවත් කිරීමට පියවර ගෙන තිබේ.

Latest News