අද වනවිට ලොව සිව්වැනියාට ඉහළම කොරෝනා ආසාදිතයන් පිරිස වාර්තා වන ඉන්දියාවේ හඳුනාගෙන ඇති සමස්ත ආසාදිත සංඛ්‍යාව හය ලක්‍ෂ 70,000 ඉක්මවා ගොස් තිබේ.

දකුණු දිග ජපානයේ කියුෂු දූපතට දින කිහිපයක් පුරා ඇඳ හැලෙන ධාරානිපාත වර්ෂාව හේතුවෙන් 15 දෙනෙකු මියගොස් තිබේ.

ඉන්දියාවේ, අද වනවිට වාර්තා වන සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව හය ලක්‍ෂ 49,000කට අධිකය.

ලොව දෙවනුවට වැඩිම කොරෝනා ආසාදිතයන් පිරිසක් වාර්තා වන බ්‍රසීලයෙන් ඉකුත් පැය 24දී ආසාදිතයන් 41,000කට අධික සංඛ්‍යාවක් හඳුනා ගැණින.

කොරෝනා වසංගතයේ දරුණුතම බලපෑමට ලක්ව සිටින අමෙරිකාවේ දින කිහිපයක් පුරා අඛණ්ඩව වාර්තාවන දෛනික ආසාදිතයන් සංඛ්‍යාව 50,000 ඉක්මවා තිබේ.

ගෝලීය වශයෙන් අද වනවිට වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව එක්කෝටි 11ස් ලක්‍ෂය ඉක්මවා තිබේ.

භූමියේ සැබෑ තත්වය අවබෝධ කර ගනිමින් කොරෝනා වසංගතයෙන් ලොව බේරා ගැනීම සඳහා දැන්වත් අවදියෙන් කටයුතු කරන්නැයි ලෝක සෞඛ්‍ය සංවිධානය ජනතාවගෙන් ඉල්ලා සිටී.

පසුගිය වසරේදී ලොව තුළ ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය ටොන් මිලියන 53.6 ක් පරිසරයට මුදාහැර ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය නිකුත් කළ වාර්තාවක දැක්වේ.

ප්‍රංශ අගමැති එඩුවා ෆිලිප් අද සිය ධුරයෙන් ඉල්ලා අස්විය. ඒ පසුගිය ඉරිදා පැවති පළාත් පාලන මැතිවරණයේදී.

බ්‍රසීලයේ කොරෝනා වෛරසයෙන් අසරණව සිටින ආදිවාසී ජනතාවට සහය දැක්වීම සඳහා හමුදාව යෙදවීමට එරට රජය පියවර ගෙන තිබේ.

ලොව කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව අද වන විට එක් කෝටි අනූ අට ලක්ෂය ඉක්මවා ගිහින්.

අභිරහස් ලෙස අලි මියයාමේ පුවතක් අප්‍රිකාවෙන් වාර්තා වේ.

මියන්මාර මහ මැතිවරණයට දින නියම වේ.

ගෝලීය සංචාරක කර්මාන්තයට අවම වශයෙන් ඇමරිකානු ඩොලර් ට්‍රිලියන 1.2ක අලාභයක් සිදු ව ඇතැයි එක්සත් ජාතීන්ගේ වෙළඳාම හා සංවර්ධනය පිළිබඳ සමුළුව ඊයේ (01) වාර්තාවක් නිකුත් කරමින් පැවසීය.

නව කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා පනවා ඇති දැඩි සෞඛ්‍ය නීති රීති උල්ලංඝණය කරමින් විවාහ උත්සවයක් පැවැත්වූ පවුලකට ඉන්දීය රජයේ බලධාරීන් විසින් රුපියල් ලක්ෂ 06 ක දඩයක් පනවා තිබෙනවා.

චීනය සහ ඇමෙරිකාව අතර දිනෙන් දින උණුසුම් වන තත්ත්වය මත ඕස්ට්‍රේලියාව සිය ආරක්ෂක රැකවල් තර කිරීමට කටයුතු කර තිබෙනවා.

නව්‍ය කොරෝනා වයිරසය මැඩපැවැත්වීම සියලු දෙනාගේ වගකිමක් බව ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කරයි.

හොංකොං රාජ්‍යයට බලපෑම් කළ හැකි ආකාරයට චීනය සම්මත කරගත් නව නීතිය සම්බන්ධයෙන් යුරෝපා සංගමය, නේටෝ සංවිධානය සහ එංගලන්තය විරෝධය පළකර තිබෙනවා.

මියන්මාරයේ පතලක් තුළ සිදුවූ නාය යෑමකින් 113 කු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ලොව කොරෝනා මරණ සංඛ්‍යාව පන් ලක්ෂ 19,000 ඉක්මවා ගොස් තිබේ. වෛරසයෙන් දකුණු අමෙරිකානු කලාපයේ වැඩිම බලපෑම් එල්ල වූ බ්‍රසීලයේ සමස්ත මරණ සංඛ්‍යාව අද 60,000 ඉක්මවා ගොස් තිබේ.

Latest News