ගෝලීය වශයෙන් වාර්තා වන කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව මේ වන විට හැත්තෑනව ලක්ෂය දක්වා ඉහළ ගිහින්.

ඊජිප්තුව තම සියලු ගුවන් තොටුපොළවල් ජුලි පළමු වැනිදා දින සිට විවෘත කිරීමට තීරණය කර තිබේ.

පාකිස්තානයේ හිටපු අග්‍රාමාත්‍ය යුසුෆ් රාසා ගිලානිට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති වාර්තා වෙයි.

ජනප්‍රිය බොලිවුඩ් නළු සුෂාන්ත් සිං රාජ්පුත් සිය දිවි හානි කර ගෙන තිබේ.

උතුරු කොරියාව දකුණු කොරියාවට එරෙහිව මීළඟ පියවර ගැනීමට සූදානම් වෙයි.

නයිජීරියාවේ බොකෝහරාම් කැරළිකරුවන්ගේ ප්‍රහාරයකින් 60 දෙනෙකු ජීවිතක්ෂයට පත්වේ.

නැගෙනහිර චීනයේ ෂෙන් ජියෑන්ග් ප්‍රාන්තයේ ඉන්ධන ප්‍රවාහනය කළ ට්‍රක් රථයක් පිපිරී යාමෙන් හටගත් ගින්නක් හේතුවෙන් පුද්ගලයින් 18 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

වෛරස ව්‍යාප්තිය සම්බන්ධයෙන් පනවා තිබූ නීති සංශෝධනයට ලක්කරමින් මීටරයක දුරස්ථ භාවය මීටර් දෙක දක්වා දීර්ඝ කිරීමට බ්‍රිතාන්‍ය රජය කටයුතු කර ඇත.

අමෙරිකාවේ ජෝර්ජියාහි අට්ලන්ටා ප්‍රාන්තයේ පොලිස් ප්‍රධානියා සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.

ට්‍රම්ප්ටිලා නමින් බෝට්ටු සංදර්ශනයක් අමෙරිකාවේ දකුණු කැරොලිනා ප්‍රදේශයේදී අද පැවැත්විණ. ඒ අදට යෙදී ඇති ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ 74 වැනි උපන් දිනය නිමිති කරගෙනයි.

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ලබන 19 වන දින ආරම්භ කිරීමට සූදානම්කර තිබූ මැතිවරණ ප්‍රචාරක කටයුතු දින නියමයක් නොමැතිව කල්දමා තිබෙනවා.

ඇෆ්ගනිස්ථානයේ කාබුල් අගනුවර මුස්ලිම් පල්ලියක් තුළ සිදුවූ බෝම්බ පිපිරීමකින් පුද්ගලයින් 4 දෙනෙකු මියගොස් තිබෙනවා.

නව කොරෝනා වසංගත අර්බුදය හේතුවෙන් අන්ත දරිද්‍රතාවයේ ජීවත්වන පුද්ගලයින්ගේ සංඛ්‍යාව බිලියන 1.1 දක්වා ඉහළයා හැකි බව එක්සත් ජාතීන්ගේ විශ්ව විද්‍යාලයේ ලෝක සංවර්ධන ආර්ථික විද්‍යා පර්යේෂණ ආයතනය පවසයි.

බොහෝ රටවල, විශේෂයෙන් ගෝලීය දකුණ තවමත් COVID -19 වසංගතය ඉහළ නැංවීම පිළිබඳව සැලකිලිමත් වන බවත්, එය ජය ගැනීම සඳහා ගෝලීය සහයෝගිතාව ඉල්ලා සිටින බවත්, ලෝක සෞඛ්‍ය සංවිධානයේ හදිසි අවස්ථා වැඩසටහන් විධායක අධ්‍යක්ෂ වෛද්‍ය මයිකල් රයන් මහතා පවසයි.

එක්සත් ජනපදය පුරා සමාජ හා ආර්ථික ක්‍රියාකාරකම් නැවත ඇරඹීමත් සමග දෛනිකව කොරෝනා ආසාදිතයින් වාර්තා වීම ද ඉහළ ගොස් තිබේ.

චීනයේ බීජිං අගනුවර කෘෂිකාර්මික නිෂ්පාදන තොග වෙළෙඳසැලක් ආශ්‍රිත නව කොරෝනා වෛරස ආසාදිතයන් පිරිසක් වාර්තා වී තිබේ.

ගෝලීය වශයෙන් වාර්තාවන කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව හැත්තෑ හත් ලක්ෂ තිස් නව දහස් අටසිය තිස් එකක්.

ගෝලීය ආර්ථිකය මේ වසරේ 5.2%කින් පහළ යා හැකි බව ලෝක බැංකුව පවසයි.

කොවිඩ්-19 රෝගය හේතුවෙන් ගතවූ පැය 24 තුළ අමෙරිකාවේ 1063 දෛනෙකු මියගොස් තිබේ.

කොවිඩ්-19 වසංගත සමයේ දී ඔස්ට්‍රේලියාවේ අධ්‍යාපනය ලැබීම අවදානම් සහගත යැයි, චීනය පවසයි.

Latest News