කොරෝනා වෛරසය පැතිරීම වැළැක්වීමට යොදා ගන්නා පෞද්ගලික ආරක්ෂක උපකරණ හා ද්‍රව්‍යය සාගර ජලය අපවිත්‍ර වීමට හේතුවක්‌ වී තිබෙන බව වාර්තාවේ.

අමෙරිකාව පුරා මහත් ආන්දෝලනයක් ඇතිකරමින් මියගිය ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ අවසන් කටයුතු අද හූස්ටන්හිදී සිදු කිරීමට නියමිතය.

අදියර කිහිපයක් යටතේ රුසියාව නැවත විවෘත කිරීමට බලධාරීන් පියවර ගෙන තිබෙනවා.

රට යළි විවෘත කිරීමේ පළමු අදියර යටතේ දින 100 කට පමණ පසු නිව්යෝර්ක් නගරය අද දින සිට විවෘත වේ.

දකුණු කොරියාව සමග පවත්නා සියලු සන්නිවේදන සබඳතා අත්හිටුවීමට උතුරු කොරියාව පියවර ගනී.

ලොව පුරා කොරෝනා වසංගතය පැතිර යාම උග්‍ර වෙමින් පවතින බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

මේ වන විට ලොව පුරා කොවිඩ් 19 රෝගීන් සංඛ්‍යාව ලක්ෂ 72කට ආසන්නවී ඇති අතර මරණ සංඛ්‍යාව හාර ලක්ෂ අට දහස ඉක්මවා ගොස් තිබේ.

රුසියාවේ මොස්කව් අගනුවරද සිය වසා දැමීමේ සීමා අද සිට ඉවත් කර තිබේ. ඒ අනූව මෝස්කව් නුරව ජනතාවට රිසි සේ සංචාරණය කිරීමේ පහසුව හිමි වෙයි.

ලෝක සෞඛ්‍ය සංවිධානයට එක් දිනක් තුළ මෙතෙක් වාර්තා වූ වැඩිම කොරෝනා ආසාදිතයන් වාර්තා වූ දිනය ගෙවීගිය ඉදිරා දිනය බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ටෙඩ්‍රොස් අද්නාම් ගෙබ්‍රෙයිසස් ඊයේ (08) ජිනීවා නුවර පැවති මාධ්‍ය හමුවේදී පැවසීය.

චීන පොදු රේගු පරිපාලනය නිකුත් කළ සංඛ්‍යාලේඛනවලට අනුව, මෙම වසරේ ප්‍රථම මාස 5 තුළ චීනයේ විදේශ වෙළඳ ආනයන හා අපනයනවල මුළු වටිනාකම චීන යුවාන් ට්‍රිලියන 11.54ක් වූ අතර, එය පසුගිය කාලසීමාවට සාපේක්ෂව 4.9% ක පහළ යාමකි.

නවසීලන්තයේ අවසන් කොරෝනා රෝගියාත් සුවවී රෝහලෙන් පිටව ගොස් ඇති බව වාර්තා වේ.

ඇමරිකාවේ හිටපු උප ජනාධිපති Joseph Robinette Biden මහතා, එරට මීළඟ ජනාධිපතිවරණය සඳහා ඩිමොක්‍රටික් පක්ෂ අපේක්ෂකයා ලෙස නිල වශයෙන් පත් කෙරේ.

ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් කොව්ඩ් වයිරසය සම්බන්ධ සිය ස්ථාවරයන් වෙනස් කරමින් කොවිඩ් පාලනය කිරීම සඳහා මහජනතාව ගැවසෙන ස්ථානවල මුඛ ආවරණ පැලඳිය යුතු බවට ප්‍රකාශ කළේය.

කොරෝනා වෛරසය හේතුවෙන් මිලියන 60 ක පමණ පිරිසක් අන්ත දුගීභාවයට පත්වනු ඇති බවට ලෝක බැංකු සභාපති ඩේවිඩ් මැල්පාස් අනතුරු අඟවනවා.

ක්‍රිස්ටෝබල් සුළි කුණාටුව හේතුවෙන් ඇමෙරිකාවේ ලුසියානා ප්‍රාන්තයට දැඩි වර්ෂාවක් ඇදහැලෙමින් පවතිනවා.

රුසියාවේ කොරෝනා වෛරස ආසාදිතයන් සංඛ්‍යාව හාර ලක්ෂ හැටහත් දහස ඉක්මවා ගොස් ඇත්තේ, ඉකුත් පැය 24 තුල අලුතින් හඳුනා ගනු ලැබූ ආසාදිතයන් 8,984 දෙනා සමගයි.

ලොව පුරා කොවිඩ් නයින්ටීන් රෝගීන් සංඛ්‍යාව ලක්ෂ 70 ඉක්මවා ගොස් තිබේ. ඒ අනුව සමස්ත රෝගීන් සංඛ්යාඛව හැත්තෑ ලක්ෂ 825ක් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඉවත්වීමට සැළසුම් කර ඇතැයි බ‍්‍රසීලය ප‍්‍රකාශ කරයි.

ලෙබනනයේ විරෝධතා තවදුරටත් උත්සන්නවී තිබේ.

වැඩිම ආසාදිතයන් ගණනක් වාර්තා වන ලැයිස්තුවේ 6 වන ස්ථානයට ඉන්දියාව පැමිණ තිබෙනවා.

Latest News