අන්තර්ජාලය ඔස්සේ ව්‍යාජ පුවත් ප්‍රචාරයවීම වැළැක්වීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්න බව ජපාන රජය පවසයි.

ඉක්වදෝර ජනාධිපතිවරයා ඉදිරිපත් කළ බදු හා මූල්‍ය ප්‍රතිසංස්කරණ පිළිබඳ යෝජනාවලියක් එරට පාර්ලිමේන්තුව විසින් ප්‍රතික්‍ෂේප කර තිබේ.

පසුගිය වසරේ දී අත්අඩංගුවට ගත් යුක්‍රේන නාවුක යාත්‍රා බාරදීමට රුසියාව සූදානම් වෙයි.

ඉරානයේ විරෝධතාකරුවන් සම්බන්ධයෙන් එරට රජය අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ.

ජනමත විචාරණයක් පැවැත්වීමට චිලී රජය එකඟතාව පළකර තිබේ.

ඉන්දුනිසීයාවේ සුලවෙසි දුපත් ආසන්යේ රිච්ටර් මාපකයේ ඒකක 7.1ක ප්‍රභලත්වයෙන් යුත් භුකම්පනයක් සිදුව තිබේ.

ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් පලස්තීනයේ ජිහාඩ් සන්නද්ධ අංශ නායක බහා අබු අල් - අටා මිය ගොස් තිබේ. පලස්තීනයෙන් එල්ල වන රොකට් ප්‍රහාරයන්ට ඔහු වගකිව යුතු බවයි, ඊශ්‍රායලය චෝදනා කරන්නේ.

ඔස්ට්‍රේලියාවේ නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයට ලැව්ගිනි 83කින් බලපෑම් එල්ල වී තිබේ. ජන ජීවිතයට දැඩි බලපෑමක් සිදුව ඇති බව, විදෙස් වාර්තාවල සඳහන්. මෙහි එක් ලැව් ගින්නක් හෙක්ටයාර් එක්ලක්ෂ පනස් දහසක පමණ ප්‍රදේශයක් පුරා පැතිර යමින් පවතියි.

ඉන්දියාවේ හයිද්‍රාබාද් නගරයේ දුම්රිය දෙකක් එකිනෙක ගැටෙන ආකාරය ඇතුළත් වීඩියෝවක් නිකුත් වී තිබේ.

බුල්බුල් සුළි කුණාටුව හේතුවෙන් ඉන්දියාවේ සහ බංගලාදේශයේ පුද්ගලයින් 13 දෙනෙකු මියගොස් තිබේ.

සිරගතව සිටි බ්‍රසීලයේ හිටපු ජනාධිපති ලුයිස් ලුලා ද සිල්වා මාස 19කට පසු නිදහස ලබා තිබේ. අල්ලස් ලබා ගැනීමේ සිද්ධියක් හේතුවෙන් ඔහු බන්ධනාගාරගතව සිටියේය.

ජර්මනිය කාන්තා සනීපාරක්ෂක තුවාවලට පනවා තිබූ බදු ඉවත් කර තිබේ. පසුගිය බ්‍රහස්පතින්දා පැවති ඓතිහාසික ඡන්ද විමසීමෙන් පසු ජර්මානු පාර්ලිමේන්තුව මෙම පියවර ගෙන තිබෙන බව වාර්තා වෙයි.

චීනය 6 වැනි පරම්පරාවේ සංනිවේදන තාක්ෂණ පර්යේෂණ හා සංවර්ධන කටයුතු නිල වශයෙන් ක්‍රියාත්මක කරයි.

අමෙරිකාව කියුබාවට එරෙහිව පනවා ඇති සම්බාධක ඉවත් කරන ලෙස එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය ඉල්ලයි.

සියදිව හානි කරගත් IS ඉස්ලාම් රාජ්‍යයේ හිටපු නායක අබු බකර් අල්-බග්දාදිගේ පළමු වැනි බිරිඳ, ඇගේ සහෝදරිය සහ මස්සිනා තුර්කි ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

බ්‍රිතාන්‍යයේ ට්‍රක්රථයක මියගිය පුද්ගලයන් 39 දෙනා වියට්නාම ජාතිකයන් බව වියට්නාම මහජන ආරක්ෂක අමාත්‍යංශය ඊයේ (7) නිවේදනයක් නික්තු කරමින් ප්‍රකාශ කළේය.

ඉන්දියාවේ නවදිල්ලි අගනුවර වායු දූෂණය ලෝක සෞඛ්‍ය සංවිධානයේ සීමාවට වඩා විසි ගුණයකට අධික සංඛ්‍යාවකින් ඉහළ ගොස් තිබේ.

ට්‍රම්ප් පදනමේ අරමුදල් අවභාවිතය සම්බන්ධයෙන් වන්දි ගෙවන ලෙස අමෙරිකාවේ නිව්යෝර්ක් අධිකරණය, ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට නියෝග කර ඇත.

බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව නිල වශයෙන් විසුරුවා හැරීම ඊයේ(06) සිදු විය. මීළඟ මහ මැතිවරණය දෙසැම්බර් මස 12වනදා පැවැත්වීමට නියමිතය.
අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහි දෝෂාභියෝගයේ පළමු විභාගය එළඹෙන සතියේ සිදු කිරීමට නියමිත බව කොංග්‍රසය නියෝජනය කරන ඩිමොක්‍රටික් සාමාජිකයින් සදහන් කරයි. එහිදී රාජ්‍ය දෙපාර්තමේන්තු නිලධාරීන් තිදෙනෙක් පළමු සාක්‍ෂි ලබාදීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත. 

Latest News