යේමනයේ ගුවන් ප්‍රහාරයකින් 100කට අධික පිරිසක් මරුට...

ජන 23, 2022

    යේමනයේ බන්ධනාගාර මධ්‍යස්ථානයට ඊයේ එල්ල වුණු ගුවන් ප්‍රහාරයකින් පුද්ගලයින් 100කට අධික පිරිසක් ජිවිතක්‍ෂයට පත්ව ඇති අතර, තවත් 200කට අධික පිරිසක් තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

    ප්‍රහාරය එල්ල වී ඇත්තේ කැරලිකරුවන් රැඳී සිටි මධ්‍යස්ථානය ඉලක්ක කරගනිමිනුයි. සෞදි අරාබිය ප්‍රමුඛ සංවිධානය මෙම ගුවන් ප්‍රහාරය එල්ල කර ඇති බවටයි ආරක්‍ෂක අංශ සැක පළ කරන්නේ. අනතුරට පත් පිරිස් සොයා ආරක්‍ෂක අංශ මෙහෙයුම් ක්‍රියාත්මක කර තිබෙනවා.

    මරණ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බවයි, ඔවුන් පවසන්නේ. යේමනයේ ක්‍රියාත්මක කැරලිකරුවන් ඉලක්ක කර ගනිමින් සෞදි අරාබිය ප්‍රමුඛ ඒකාබද්ධ හමුදා 2015 සිට ප්‍රහාර එල්ල කරනවා. එම සටන්වලින් සිවිල් වැසියන් දස දහසකට අධික සංඛ්‍යාවක් ජිවිතක්‍ෂයට පත්වුණා. තවත් මිලියනයකට අධික සංඛ්‍යාවක් අවතැන් වී ඇති බවයි, විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

    Latest News