නිරිත දිග චීනයේ, ගුයිෂෝ පළාතේ දී බස් රථයක් අනතුරකට ලක් වීමෙන් 21 දෙනෙක් මිය ගොස් තිබේ.

එක්සත් ජනපදය ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් නිල වශයෙන්ම ඉවත් වන බව ට්‍රම්ප් පරිපාලනය කොංග්‍රසයට හා එක්සත් ජාතීන්ට දැනුම් දී ඇති බව වාර්තා වෙයි.

ලොව පුරා කොවිඩ් 19 වසංගතය ආසාදිත වූවන් එක්කෝටි දහඅට ලක්ෂයේ සීමාවට පැමිණ තිබේ.

කොරෝනා වෛරසය පෙර අනුමාන කළ ප්‍රමාණයට වඩා පහසුවෙන් වාතය හරහා පැතිර යා හැකි බවට ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවයි. එම සංවිධානයේ සෞඛ්‍ය තාක්ෂණික ප්‍රධානී බෙනෙඩෙටා ඇලෙග්‍රාන්සි පවසන්නේ, කෙසේ වුවද ඒ සම්බන්ධයෙන් තවමත් අධ්‍යයනය කරමින් සිටින බවයි.

රට තුළ සිටින විදේශ ශ්‍රමිකයන්ගේ ප්‍රතිශතය සියයට 70 සිට සියයට 30 දක්වා අඩු කිරීමේ පනත් කෙටුම්පතකට කුවේට් පාර්ලිමේන්තුවේ අනුමැතිය හිමිව තිබෙනවා.

චීනය හා ඉන්දියාව දේශසීමා ප්‍රදේශයේ තත්ත්වය පිළිබඳ සක්‍රිය එකඟතාවකට එළඹෙයි.

කොරෝනා වෛරස ව්‍යාප්තිය හේතුවෙන් ඔස්ට්‍රේලියාවේ දෙවැනි විශාලතම නගරය වන මෙල්බන් නුවර සති හයකට යළි වසා දමා තිබේ.

මෑත කාලීනව ලෝකයට දරුණු බලපෑම් එල්ල කළ එබෝලා සහ සාර්ස් වැනි රෝග ද දැනට ලෝකය පුරා ව්‍යාප්තවී ඇති නව්‍ය කොරෝනා වෛරසය ද මෙලෙස සතුන්ගෙන් මිනිසාට සම්පේ‍්‍රෂණය වූ වෛරස් කාණ්ඩවලට අයත්.

ඊශ්‍රායලය ඊයේ නව ඔත්තු සේවා චන්ද්‍රිකාවක් දියත් කර තිබේ. හමුදා බුද්ධි අංශ කටයුතු සඳහා භාවිතා කළ හැකි උසස් තත්වයේ ඡායාරූප ලබා ගැනීමට හැකි වීම මෙම චන්ද්‍රිකාවේ විශේෂත්වය වනවා.

ඉන්දියාවේ කොරෝනා වෛරස ආසාදිතයන් සංඛ්‍යාව මේ වන විට හත් ලක්ෂය ඉක්මවා ගොස් තිබේ.

වසර 13,000ක් ඉපැරණි දියයට ගුහාවක් යුකැටන් අර්ධද්වීපය ආශ්‍රිතව සොයා ගැනීමට විද්‍යාඥයන් සමත් වී තිබේ.

උතුරු දිග ඉන්දියාවේ, ගාසියාබහද් නගරයේ කම්හලක සිදුවූ ගින්නකින් පුද්ගලයින් 7 දෙනෙකු මියගොස් තිබේ.

ක්‍රෝඒෂියානු පාර්ලිමේන්තු මැතිවරණයෙන් එරට පාලක ක්‍රෝඒෂියානු ප්‍රජාතන්ත්‍රවාදී පක්‍ෂය ජය හිමි කරගෙන තිබේ.

මේ වනවිට කොරෝනා වෛරසය හේතුවෙන් ලොව පුරා සිදුවූ මරණ සංඛ්‍යාව 536,000 ඉක්මවා තිබේ.

කොරෝනා වෛරස් ව්‍යාප්තිය හේතුවෙන් ස්පාඤ්ඤයේ, ගැලීසියා කලාපය වසා දැමීමට බලධාරීන් තීරණය කර තිබේ.

කොරෝනා වෛරසයේ දෙවැනි රැල්ලකින් බලපෑම් එල්ල වී ඇති ඔස්ට්‍රේලියාව එරට වඩාත් ජනාකීර්ණ ප්‍රාන්ත දෙකක් වන වික්ටෝරියා සහ නිව්සවුත් වේල්ස් අතර දේශසීමා වසා දැමීමට තීරණය කර තිබේ.

කොරෝනා වෛරසයෙන් යුරෝපයේ වැඩිම බලපෑමක් එල්ල වූ ස්පාඤ්ඤයේ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව අභිබවා යමින් පේරු රාජ්‍යයේ සමස්ත කොරෝනා වෛරස් ආසාදිතයන් සංඛ්‍යාව තුන් ලක්‍ෂ 2000 ඉක්මවා තිබේ.

බ්‍රසීලයේ ගතවූ පැය 24 තුළ සිදුවූ කොරෝනා මරණ සංඛ්‍යාව 535ක් වන අතර, එම කාලසීමාව තුළ අලුතින් හඳුනාගෙන ඇති ආසාදිතයන් සංඛ්‍යාව 26,209ක්.

ඉකුත් පැය 24 තුළ ලොව වැඩිම කොරෝනා වෛරස් ආසාදිතයන් සංඛ්‍යාව වන 44,530 දෙනෙකු හඳුනා ගැනීමත් සමඟ අමෙරිකාවේ සමස්ත කොරෝනා වෛරස් ආසාදිතයන් සංඛ්‍යාව ලක්‍ෂ 30කට ආසන්න වී තිබේ.

ඉන්දියාවේ කොරෝනා වෛරස් ආසාදිතයන් සංඛ්‍යාව 697,000 ඉක්මවා තිබේ.

Latest News