කොවිඩ් - 19 සෞඛ්‍ය හා සමාජ සංරක්ෂණ අරමුදලට බැරවී ඇති මුදල රුපියල් මිලියන 314.5ක් දක්වා ඉහළ ගොස් ඇති බව, ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

ගෝලීය වෙළෙඳපොළේ උග්‍ර ආහාර හිඟයක් ඇතිවීමේ අවදානමක් පවතින බවට ආයතන 03ක ප්‍රධානීහු අනතුරු අඟවති.

වාර්ෂික හජ් වන්දනාව කොවිඩ් – 19 වසංගතය අවසන් වන තුරු කල් දමන බව සෞදි අරාබි රජය ප්‍රකාශ කර ඇත.

කොරෝනා වෛරසය ආසාදිතයින් හමු වූ අමෙරිකානු යුද නෞකාවේ කපිතාන්වරයා තනතුරෙන් පහ කිරීමට අමෙරිකානු හමුදාව තීරණය කර තිබේ. ඒ අමෙරිකානු නාවික හමුදාව නෞකාවේ වෛරස ආසාදනය වීම පාලනය කිරීමට නිසි ක්‍රියාමාර්ග නොගන්නා බවට චෝදනා කිරීම හේතුවෙන්.

බ්‍රිතාන්‍යයේ කොරෝනා වෛරසය ආසාදිතයින් සුව කිරීමට ඇප කැප වී සේවය කරන සෞඛ්‍ය කාර්ය මණ්ඩලය, ආරක්ෂක අංශ හා අනෙකුත් ප්‍රධාන පෙළේ කණ්ඩායම් වෙනුවෙන් තුති පිදීමක් ඊයේ සිදු කෙරිණ. ඔවුන් එම කෘතවේදීත්වය පළ කිරීම සිදු කළේ දෙවන වරටයි.

ලොව පුරා කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ලක්ෂ 10 ඉක්මවා ගොස් තිබේ. එසේම, කොරෝනා මරණ සංඛ්‍යාව පනස් දහසකට අධික බවයි, නවතම වාර්තා පෙන්වා දෙන්නේ.

කොරොනා වසංගතය හේතුවෙන් ඇමරිකාවේ ජනපද 30ක් දැඩි ආපදා තත්ත්වයට ලක් වේ.

දෙවන ලෝක යුද්ධයෙන් පසු ලෝකය මුහුණ දෙන විශාලතම අභියෝගයට මේ ව්න විට මුහුණ දෙමින් සිටින බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් ඇන්ටෝනියෝ ගූටරෙස් ප්‍රකාශ කර සිටී.

අමෙරිකාවෙන් වාර්තා වන කොවිඩ් නයින්ටීන් වෛරස ආසාදිතයින්ගේ සංඛ්‍යාව ලක්ෂ දෙක ඉක්මවා ගොස් තිබේ.

නිරෝධායන ක්‍රියාවලියට පරිබාහිරව නිවෙස්වලින් පිටතට පැමිණෙන අයට වෙඩි තබා මරා දමන ලෙස පිලිපීන ජනාධිපති රොඩ්රිගෝ ඩුටර්ටේ නියෝගකර තිබේ.

ලෝක ප්‍රකට ගායිකාවක් වන ඩොලී පාට්න් කොරෝනා වෛරසයේ පර්යේෂණ කටයුතු සඳහා තම පෞද්ගලික මුදලින් අමෙරිකානු ඩොලර් මිලියනක් ලබා දී තිබේ.

ස්පාඤ්ඤය එක් දිනක් තුළ වාර්තා වූ වැඩිම කොරෝනා වෛරස් මරණ සංඛ්‍යාව ඊයේ වාර්තා විය.

බ්‍රිතාන්‍ය ගුවන් සේවය සිය සේවකයින් 36,000කගේ සේවය අත්හිටුවීමට සූදානම් වෙයි.

ස්පාඤ්ඤය එක් දිනක් තුළ වාර්තා වූ වැඩිම කොරෝනා වෛරස් මරණ සංඛ්‍යාව ඊයේ වාර්තා විය.

ඉන්දියාවේ සිදු කළ ආගමික උත්සවයක් හේතුවෙන් කොරෝනා වෛරසය පැතිරයාමේ දැඩි අවදානමක් පවතින බව, ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

නිරෝධායන නීති කඩ කරන්නන්හට දැඩි දඬුවම් පැමිණවීමට රුසියාව නව පනතක් සම්මත කරගෙන තිබේ.

ලොව පුරා කොටස් වෙළෙඳ පොළ පසුගිය කාර්තුවේ ඉතා දැඩි පසුබෑමක් පෙන්නුම් කර තිබේ.

ඉතාලියේ කොරෝනා වෛරස් මරණ සංඛ්‍යාව 12,428 දක්වා ඉහළ ගොස් තිබේ.

මේ වනවිට වැඩිම ආසාදිතයින් පිරිසක් වාර්තා වන රට වන්නේ අමෙරිකාවයි.

දෙවැනි ලෝක යුද්ධයෙන් පසු ලොවට බලපෑ බරපතලම තර්ජනය කොරෝනා වෛරස් ආසාදනය බව, එක්සත් ජාතීන්ගේ සංවිධානය සඳහන් කරයි.

Latest News