වෛරසයෙන් මේ වන විට වැඩිම බලපෑමක් එල්ල වී ඇති රට අමෙරිකාවයි. ඉකුත් පැය 24 තුළ නව ආසාදිතයින් 30,567ක් හඳුනා ගැනීමටත් සමග, එරට සමස්ත ආසාදිත සංඛ්‍යාව හාර ලක්ෂ 30 දහස ඉක්මවයි.

වැරදි වැටහීමක් නිසා ජීවිත 300 ක් අහිම වූ පුවතක් ඉරානයෙන් වාර්තා වේ.

55 හැවිරිදිවියේ පසුවන අගමැතිවරයා ශ්වසන අපහසුතාවකින් පෙළීම හේතුවෙන් ඔහුට ඔක්සිජන් ලබා දී ඇති නමුත් ඊට ශ්වසන ආධාරක යන්ත්‍රයක් භාවිත කර නොමැති බව වාර්තා වේ.

සොලමන්ස් දූපත් හා වනාටු රාජ්‍යය හරහා හමා ගිය ප්‍රචණ්ඩ සුළි කුණාටුවක් හේතුවෙන් 27දෙනකු මියගොස් ඇතැයි වාර්තා වේ.

කොවිඩ් - 19 වෛරසයේ ව්‍යාප්තිය හමුවේ දෛනික කටයුතු සියල්ල අත්හිටුවා තිබූ වූහාන් නගරය අද සිට නැවත සිය ගමන අරඹයි.

ස්පාඤ්ඤයේ කොරෝනා රෝගීන් සුව අතට හැරීම වේගවත් වී ඇති බව, සෞඛ්‍ය බලධාරීන් පවසයි. දැනට සුවය ලබා ඇති පිරිස 43,208ක්.

ලොව පුරා 'කොවිඩ් 19' වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇති ප්‍රමාණය 1,430,130ක්.

අමෙරිකාවේ කොරෝනා රෝගීන්ගේ ස්වසන ආබාධ මඟහරවා ගැනීමේ යන්ත්‍ර ලක්ෂ දෙකකට ආසන්න ප්‍රමාණයක සැපයුම් තොගයක් පවතින බව, ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් කොරෝනා ආසාදනය වීම හේතුවෙන් තවදුරටත් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබයි.

ඊයේ දින රෝහල් ගත කළ බ්‍රිතාන්‍ය අගමැතිවරයාගේ තත්ත්වය අසාධ්‍යවීමෙන් ඔහු ලන්ඩන් හි ශාන්ත තෝමස් රෝහලේ, දැඩි සත්කාර ඒකකය වෙත ඇතුලත් කළ බව වාර්තාවේ.

කොරෝනා වෛරසයෙන්‌ බලපෑමට ලක්වූ තවත්‌ ප්‍රබල රාජ්‍යයක්‌ ලෙස බ්‍රිතාන්‍යය සැලකේ.

ස්පාඤ්ඤයේ ආසාදිතයන්‌ සංඛ්‍යාව ක්‍රමයෙන්‌ පහළ යමින්‌ පවතින බව වාර්තාවේ.

ඉතාලියේ ආසාදිතයන්‌ සංඛ්‍යාව ක්‍රමයෙන්‌ පහළ යමින්‌ පවතින බව වාර්තාවේ.

කොරෝනා වෛරස්‌ ව්‍යාප්තිය අමෙරිකාවේ නිව්යෝර්ක්‌ ප්‍රාන්තයේ යම්‌ අඩුවීමක්‌ පෙන්නුම්‌ කරන බව ප්‍රාන්ත බලධාරීහි පවසති.

රුසියාවේ සිදු වූ වෙඩි තැබීමකින්‌ පුද්ගලයින්‌ පස්දෙනෙකු මියගොස්‌ තිබේ.

කොරෝනා වෛරසය පැතිරයාම වැළැක්වීම සඳහා සියලු බ්‍රිතාන්‍ය ජාතිකයින්ට ස්වයං විනයකින් යුක්තව සිටින ලෙස දෙවැනි එළිසබෙත් මහ රැජිණ ඉල්ලීමක් කළාය.

ගිණිකොණ දිග ප්‍රංශයේ වීදියක සිදුවූ පිහි ඇනුමකින් දෙදෙනෙකු ජීවිතක්ෂණයට පත් ව තිබේ.

අමෙරිකානුවන්ට මුඛ ආවරණ පළදින ලෙස ලබා දී ඇති නියෝග තමා නොපිළිපදින බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

කොරෝනා වෛරසය ආසාධනය විමෙන් අමෙරිකාවේ සහ ප්‍රංශයේ ගතවු පැය 24 තුළ පුද්ගලයින් දහසකට වැඩි පිරිසක් මියගොස් තිබේ.

ලොව පුරා කොරෝනා වෛරසය ආසාදනයවීමෙන් පුද්ගලයින් 55,731ක් මියගොස් තිබේ.

Latest News