කොරෝනා වෛරසය හේතුවෙන් ලොවපුරා සිදුවූ මරණ සංඛ්‍යාව එක් ලක්‍ෂ පහලොස් දහස ඉක්මවා තිබේ. ආසාදිත සංඛ්‍යාව 18 ලක්‍ෂය ඉක්මවන බව, වාර්තාවේ.

'ඔපෙක්‌' සංවිධානය ඓතිහාසික තෙල්‌ ගනුදෙනුවකට එකඟත්වය පළ කර තිබේ.

තමන්ට ජිවිතය ලබාදුන් සෞඛ්‍ය සේවා කාර්ය මණ්ඩලයට තමන් ණය ගැති බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් පවසයි.

ඉන්දියාව තවදුරටත් සම්පූර්ණයෙන්ම වසා දැමීමට අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි එකඟත්වය පළ කර ඇති බව නවදිල්ලියේ ප්‍රධාන අමාත්‍ය අර්වින්ද් කෙජ්‍රිවාල් පවසයි.

ඇපල් සහ ගූගල් යන සමාගම් දෙකම කොරෝනා වෛරසය ආසාදිතයින් ගැවසුනු ස්ථානවලට සාමාන්‍ය වැසියන් ගමන් කළාද යන්න සොයා බැලීමට නව යෙදවුමක් ක්‍රියාත්මක කිරීමට සූදානම් වේ.

ස්පාඤ්ඤයේ මේ වනවිට එක්ලක්‍ෂ හැට දහසකට ආසන්න පිරිසක් වෛරසය ආසාදනයට ලක්ව තිබේ.

අමෙරිකාවේ ඊයේ දින පමණක් වාර්තා වූ මරණ සංඛ්‍යාව 2000 ඉක්මවා ගියේය.

ලොව පුරා රටවල් රැසක පනවා ඇති නගර වසා දැමීම් ඉවත් කිරීමට ඉක්මන් නොවිය යුතු බව, ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙයි.

ජම්මු - කාශ්මීර් දේශසීමා ආසන්නයේ ඉන්දු - පාකිස්තාන සන්නද්ධ ගැටුමක් පිළිබදව වාර්තා වේ.

කොවිඩ් -19 හි මරණ අනුපාතය ඉන්ෆ්ලුවෙන්සා වලට වඩා 10 ගුණයකින් වැඩි බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

ලෝක සෞඛ්‍ය සංවිධානයට ස්ථිර සහය ලබා දෙන බව චීනය ප්‍රකාශ කරයි.

කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් රෝහල්ගත කර සිටි බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් එහි දැඩි සත්කාර ඒකකයෙන් ඉවත් කොට නැවතත් සාමාන්‍ය වාට්ටුවකට ඇතුලත් කර තිබේ.

කොරෝනා වෛරස ආසාදනය වීමෙන් ලොව පුරා මියගිය පිරිස මේ වන විට 95,500 ඉක්මවා තිබේ.

ලොව පුරා ව්‍යාප්තව ඇති කොවිඩ් -19 වසංගතය හේතුවෙන් ගෝලීය ශ්‍රම බළකායෙන් 81% කට මේ වනවිට පූර්ණ හෝ අර්ධ වශයෙන් රැකියා අහිමි වී ඇති බව අන්තර්ජාතික කම්කරු සංවිධානය ප්‍රකාශ කරයි.

ගෝලීය අර්බුදයක් බවට පත්ව ඇති කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය මැඩ පැවැත්වීම එක්ව ජයගමු යැයි ඉන්දීය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි, අමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප්ට පවසා තිබෙනවා.

2019 වසරේ වැඩිම ජාත්‍යන්තර පේටන්ට් අයදුම්පත් සංඛ්‍යාවක් ඉදිරිපත් කළ රට බවට චීනය පත්වෙයි.

ලෝක සෞඛ්‍ය සංවිධානයට දායක මුදල් සැපයීම ඇමරිකාව තාවකාලිකව අත්හිටුවීම වසංගත මර්දන ජාත්‍යන්තර සහයෝගිතාවට හානිකර බව චීනය පවසයි.

ලොව පුරා කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 1,529,968 කි.

කොවිඩ් – 19 වසංගතය දරාගත නොහැකි මට්ටමෙන් ලොවපුරා පැතිර යාමේදී ගෝලීය වශයෙන් හෙදියන්ගේ හිඟය මිලියන 5.9 ක් වන බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ටෙඩ්‍රොස් ඇඩනම් පවසයි.

කොරෝනා වෛරසය හේතුවෙන් ලොව පුරා ආසාදිත සංඛ්‍යාව පහළොස් ලක්ෂය ඉක්මවා තිබේ. වෛරසය හේතුවෙන් මිය ගිය පිරිස 88 දහසකට අධිකයි.

Latest News