ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය සාර්ථකව අවසන් වී ඇති බැවින් පසුගිය සමයේ අත්හිටුවා තිබූ ව්‍යාපෘති ද ඇතුළුව ජපාන නිල සංවර්ධන ආධාර යටතේ (ODA) ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක කර ඇති ව්‍යාපෘති ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බව ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත ජපාන දූත පිරිසේ ප්‍රධානී ආචාර්ය ඉසුමි හිරොටෝ මහතා (Dr. IZUMI Hiroto) පැවසීය.

චීන කොමියුනිස්ට් පක්ෂයේ 20 වැනි මධ්‍යම කාරක සභාවේ 3 වැනි පූර්ණ සැසිය නිමාවට පත් වේ. පසුගිය 15 වනදා ආරම්භ වූ එය අද (18) අවසන් විය. සැසිය පැවැත්වුණේ චීන ජනාධිපති ෂී ජින් පිං මහතාගේ ප්‍රධානත්වයෙනි.

ගාසා තීරයට ඉකුත් පැය 24 තුළ එල්ල වූ ඊශ්‍රායල ප්‍රහාරවලින් පුද්ගලයින් 81 දෙනෙකු මිය ගොස් ඇති බව, වාර්තා වනවා.

අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන්ට කොවිඩ් ආසාදනය වී ඇති බව, ධවල මන්දිරය නිවේදනය කරනවා. ජනාධිපතිවරයා, කොවිඩ් එන්නත් ලබා ගෙන ඇති අතර, ඉන් පසුව බූස්ටර් මාත්‍රාව ද ලබා ගෙන ඇති බවයි, ධවල මන්දිර ප්‍රකාශකයා සඳහන් කරන්නේ. 

නිරිත දිග චීනයේ සීචුආන් ප්‍රදේශයේ මහල් 14 කින් යුත් සාප්පු සංකීර්ණයක ඇති වූ ගින්නකින් පුද්ගලයින් 16 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව, එරට රාජ්‍ය මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

අමෙරිකානු ජනපති අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප්ට වෙඩි තැබීමට මිනිත්තු දෙකකට පෙර තුවක්කුකරු වහලයට නගින අයුරු දැක්වෙන නවතම වීඩියෝවක් ABC ප්‍රවෘත්ති සේවය විසින් ප්‍රචාරය කිරීමත් සමග සිද්ධිය සම්බන්ධව නැවත ජනතා අවධානය යොමු වී තිබෙනවා.

ඕස්ට්‍රේලියවේ පැවැත්වුනු මාස්ටර්චෙෆ් තරඟාවලියේදී 3වන ස්ථානය දිනා ගැනීමට ලංකාවේ සවින්ද්‍රි පෙරේරා සමත් වුණා.
අමෙරිකානු ජනාධිපති අපේක්ෂක ඩොනල්ඩ් ට්රම්ප්, තම උප ජනාධිපතිවරයා නම් කර තිබෙනවා. ඒ, රිපබ්ලිකන් සෙනෙට් සභික ජේ. ඩී. වෑන්ස්.
ඉදිරි පැය 24 සඳහා තද සුළං සහ මුහුද රළුවීම පිළිබඳ අනතුරු ඇඟවීමේ රතු නිවේදයක් කාලගුණවිද්යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා.
එංගලන්තය සහ වේල්ස් හි ප්‍රදේශ රැසකට අධික වර්ෂාවෙන් දැඩි බලපෑම් සිදු විය හැකි බවට බ්‍රිතාන්‍ය කාලගුණ විද්‍යා ඒකකය පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කොට තිබෙනවා.
ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් පලස්තීන ජාතිකයින් 90 දෙනෙකු මිය ගොස් තිබෙනවා.
දකුණු අප්රිකාවේ, ගෞව්ටෙන් ප්රදේශයේදී කුඩා බස් රථයක් අනතුරකට ලක් වීමෙන් පාසල් ළමයින් 12 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
අමෙරිකානු ඉදිරි ජනාධිපතිවරණය ජය ගැනීමට වඩාත් සුදුසුම පුද්ගලයා තමා බව ජනාධිපති ජෝ බයිඩන් පවසනවා.
ඊශ්‍රායල හමුදාව, ගාසා තීරයේ ප්‍රහාර තවදුරටත් තීව්‍ර කර තිබෙනවා.

චීනයට පැමිණෙන විදෙස් සංචාරකයන් සඳහා පහසුකම් පුළුල් කෙරේ

රුසියානු-යුක්රේන ගැටුමට අදාළ පාර්ශ්ව සංහිඳියා ආකල්පයකින් යුතුව ක්‍රියා කළ යුතු බව චීනය යළිත් කියයි

ඉන්දියාවේ උත්තර ප්‍රාන්තයේ උන්නාඕ ප්‍රදේශයේදී සිදුවූ බස් රථ අනතුරකින් පුද්ගලයින් 18 දෙනෙකු මියගොස් තිබෙනවා.
යුක්‍රේනයේ විශාලතම ළමා රෝහලට ඊයේ එල්ල කෙරුණු මිසයිල ප්‍රහාරය ලෝක නායකයින් රැසක් හෙලා දැක තිබෙනවා.
රුසියාව, යුක්‍රේන‍යේ නගර රැසකට එල්ල කළ ගුවන් මිසයිල ප්‍රහාර රැසකින් 36 දෙනෙකු මිය ගොස් තිබෙනවා.
ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි දෙදින නිල සමුළුවක් සඳහා ඊයේ රුසියාවට පැමිණියා.

Latest News