පිලිපීනයේ කන්ලෝන් ගිනි කන්ද පුපුරා යාමෙන් අවදානමට ලක් වූ ජනතාව අදාළ ස්ථානවලින් කඩිනමින් ඉවත් කිරීමට පියවර ගෙන තිබෙනවා.

සෞඛ්‍ය ගැටලුවලට මුහුණදෙමින් සිටි මෙක්සිකෝවේ පුද්ගලයෙක් කුරුළු උණ හේතුවෙන් මියගොස් ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය පවසනවා.
තමා නව අගමැති ලෙස දිවුරුම් දීමේ උත්සවයට සහභාගී වන්නැයි, ඉන්දීය අගමැති නරෙන්ද්රද මෝදි මහතා, ජනාධිපති රනිල් වික්රඅමසිංහ මහතාට ඇරයුම් කර තිබෙනවා.
හිස්බුල්ලා සටන්කාමීන් එල්ල කළ රොකට් ප්‍රහාරයකින් උතුරු ඊශ්රායයලයේ රක්ෂිත වනාන්තර ප්‍රදේශයක ගින්නක් හටගෙන තිබෙනවා.
දින ගණනාවක් පුරා අඛණ්ඩව ඇද හැලුණු ධාරානිපාත වර්ෂාව දකුණු ජර්මනියේ ජීවිත 4ක් බිලි ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළා.
ඉන්දීය මහ මැතිවරණයේ ඡන්දය ගණන් කිරීමේ ක්‍රියාවලිය තවදුරටත් සිදු කෙරෙමින් පවතිනවා.

හමාස් සංවිධානය පැහැරගෙන ගිය ප්‍රාණ ඇපකරුවන්ගෙන් තවත් සිව් දෙනෙකු ඝාතනය කර ඇතැයි, ඊශ්‍රායලය පවසනවා.

‍ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදි මැතිවරණය වන ඉන්දීය මහ මැතිරවණයේ ඡන්දය ගණන් කිරීම අද ආරම්භ වුණා.
ඉතා දරුණු ලෙස උෂ්ණත්වය ඉහළ යෑම හේතුවෙන් දින තුනක් ඇතුළත ඉන්දියාවේ පුද්ගලයන් 50කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත් වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළා.
දිවයිනේ නිරිත දිග කොටසේ පවතින තද වැසි තත්ත්වයේ තාවකාලික අඩුවීමක් අද (04) දින සිට බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්යා දෙපාර්තමේන්තුව පවසනවා.
කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා ධාවනය වු උඩරට මැණිකේ දුම්රියෙන් ගමන් ගත්වි දේශිකයෙකු දුම්රිය උමගේ ගැටි (03) දින ජිවිතක්ෂයට පත් වි ඇති බව නානුඔය දුම්රිය
ස්ථානයේ නිලධාරියෙකු පැවසුවා.

උතුරු කොරියාව දකුණු කොරියාව දෙසට අපද්‍රව්‍ය සහිත බැලුන යළි යවා ඇති බව වාර්තා වනවා.

ලෝක දුම්වැටි නිවාරණ දිනය අදයි. ‘දුම්කොළ කර්මාන්තයේ මැදිහත්වීම්වලින් අපේ දරුවන් ආරක්ෂා කර ගනිමු’ යන්න එහි මෙවර තේමාවයි.

අමෙරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහි අපරාධ නඩු විභාගයේදී චෝදනා 34 කට ඔහු වරදකරු වී තිබෙනවා.

දියවැඩියාවට එරෙහිව නව ප්රතිකර්මයක් හඳුන්වා දීමට චීන වෛද්ය පර්යේෂකයින් පිරිසක් සමත් වී තිබෙනවා.
පාතාල නායකයකු සහ ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාලයට සම්බන්ධ ප්‍රධාන සැකකරුවෙකු වන මිදිගම රුවන් ඩුබායි සිට මෙරටට රැගෙනවිත් තිබෙනවා.

ගාසා තීරය සහ ඊජිප්තු දේශසීමා මායිමේ පිහිටි ෆිලඩෙල්පි කොරිඩෝව ලෙස හැඳින්වෙන උපායමාර්ගික කලාපය, තමන් විසින් අත්පත් කර ගනු ලැබූ බව, ඊශ්‍රායල හමුදාව පවසනවා.

නිරිතදිග අයිස්ලන්තයේ "රෙක්ජනස්" අර්ධද්වීපයේ තවත් ගිනිකඳු පිපිරීමක් සිදුව තිබෙනවා.
ඉන්දියාවේ ප්‍රාන්ත රැසක උෂ්ණත්වය අනතුරුදායක ලෙස සෙල්සියස් අංශක 50 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
දේශගුණයට වලාකුළු බලපාන ආකාරය මැන බැලීම සඳහා නවීන චන්ද්රිටකාවක් කක්ෂ ගත කර ඇති බව විදෙස් මාධ්ය වාර්තා කරනවා. එම චන්ද්‍රිකාව නිපදවා ඇත්තේ යුරෝපීය සහ ජපාන හවුල් ව්‍යාපෘතියක් ලෙසයි.

Latest News