මෝසම් වැසි හේතුවෙන් ගංගා පිටාර ගැලීමත් සමග බංග්ලාදේශයේ මිලියන 5.2 ක පමණ පිරිසක් පීඩාවට පත්ව සිටිනවා. ජීවිත හානි 36ක් පමණ වාර්තා වන බව විදෙස් මාධ්‍ය විසින් වාර්තා කර තිබෙනවා.
ගෝලීය උණුසුම ඉහළ යාම හේතුවෙන් සිදු වන ග්ලැසියර දියවී යාම හේතුවෙන් නේපාලයේ ගම්මාන රැසකට දැඩි බලපෑමක් එල්ල වී ඇතැයි, විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරනවා. ඇතැම් ගම්මාන, මේ හේතුවෙන් සම්පූර්ණයෙන්ම විනාශ වී යාමේ අවදානමක් හට ගෙන ඇති බවයි, නේපාල බලධාරීන් පවසන්නේ.
ගෝලීය උණුසුම ඉහළ යාම නිසා සාගර පද්ධතියේ සිදු වන බලපෑම අතිශය ඉහළ බව, විද්‍යාඥයින් පෙන්වා දෙනවා.