රුසියානු මිසයිල ප්රහාරයකින් යුක්රේනයේ තිදෙනෙකු මියගොස් තිබෙනවා.
ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් නැගෙනහිර ලෙබනනයේ එක්සත් ජාතීන්ගේ සාමාජිකාවක මිය ගොස් තිබෙනවා.

සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් තබමින් ප්‍රංශ ජනපති එමානුවෙල් මැක්රොන් මහතා ජනපති අනුර කුමාර දිසානායක මහතාට සිය සුභ පැතුම් එක් කර තිබෙනවා.

අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති ධුරයට පත්වීම සම්බන්ධයෙන් එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ ජනාධිපති මුහම්මද් බින් සයෝද් අල් නයාන් මහතා සුබපැතුම් පළ කර තිබෙනවා.
ලෙබනනයේ හිස්බුල්ලා සංවිධානයේ ඉලක්කවලට ඊශ්‍රායල එල්ල කරන ගුවන් ප්‍රහාරවලින් 492 දෙනෙකු පමණ මිය ගොස් ඇතැයි, එරට සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.
‍"බොරිස්" සුළි කුණාටුව මධ්‍යම යුරෝපා කලාපයේ පැතිර යෑමත් සමඟ ඇතිව තිබෙන ගංවතුර තත්වය තවදුරටත් වර්ධනය වෙමින් පවතිනවා.
මියන්මාරයට බලපෑ යාගී සුළි කුණාටුව නිසා ප්‍රදේශ රැසකට බලපා ඇති දරුණු ගංවතුර තත්වය හේතුවෙන්, මිය ගිය සංඛ්‍යාව 236 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
ඉන්දුනීසියාවේ පැවති Miss International – 2024 ජාත්‍යන්තර රූ රැජින තරගාවලියට සහභාගී වී එහි ප්‍රථම ස්ථානය දිනා ගත් තිලිණි කුමාරි (16) දින රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබෙනවා.
මියන්මාරයට බලපෑ යාගී සුළි කුණාටුවෙන් මිය ගිය පිරිස 100 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
ප්රංශයේ සිට එංගලන්තය දක්වා යාත්රා කරමින් තිබූ සංක්රමණික පිරිසක් රැගත් බෝට්ටුවක් අනතුරට ලක් වීමෙන්, 8 දෙනෙකු මිය ගොස් තිබෙනවා.
ප්‍රතිවාදී අපේක්ෂක කමලා හැරිස් සමග යලිත් විවාද කිරීම ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.
නයිජීරියාවේ වේල්ලක් කැඩී යාමෙන් දරුණු ගංවතුර තත්වයක් හටගෙන තිබෙනවා.
නයිජීරියාවේ ඉන්ධන ප්‍රවාහන රථයක් අනතුරට ලක් වීමෙන් 50 දෙනෙකු පමණ ජීවිතක්ෂයට පත් වී තිබෙනවා.
වඳුරු උණ ''හෙවත්'' ''එම්පොක්ස්'' වෛරස ආසාධිතයෙක් ඉන්දියාවෙන් සොයාගෙන තිබෙනවා.
දේශපාලන චෝදනා සම්බන්ධයෙන් සිරගත කර සිටින පකිස්තානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන් නිදහස් කරන ලෙස ඉල්ලා දහස් සංඛ්යාත ජනතාවක් වීදි බැස තිබෙනවා.
ගාසා තීරයට එල්ලවන ප්රහාර හේතුවෙන් පාසල් ළමුන් ලක්ෂ 6කට වැඩි පිරිසකට මේ වසරේ දෙවැනි පාසල් වාරය ද අහිමි වී ඇති බව පලස්තීන බලධාරීන් පවසනවා.

ඉන්දියාව විසින් අග්නි-4 බැලිස්ටික් මිසයිලයේ සාර්ථක අත්හදා බැලීමක් සිදු කර තිබෙනවා.

රුපියල් කෝටි තුනක පමණ වටිනාකමකින් යුත් රන් බිස්කට් තම කලිසම් සාක්කුවේ සඟවාගෙන කටුනායක ගුවන්තොටුපොළ සංක්රමණික මගී පර්යන්තයේ රැඳී සිටි ඉන්දීය ජාතිකයෙකු ඊයේ (7) ගුවන්තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගැනුණා.

බ්‍රිතාන්‍ය රජය, යුක්‍රේනයට තවත් කෙටි දුර මිසයිල ඇතුළු පවුම් මිලියන 162 යුද පැකේජයක් ලබා දීමට තීරණය කර තිබෙනවා.

Latest News