ස්පාඤ්ඤයේ ගංවතුරින් විපතට පත් ප්‍රදේශ නිරීක්ෂණයට ගිය එරට රජුට සහ රැජිනට කෝපයට පත් ජනතාව මඩ ප්‍රහාර එල්ල කොට තිබෙනවා.
ස්පාඤ්ඤයේ අධික ගංවතුර සහ නායයෑම් හේතුවෙන් මියගිය පිරිස 158 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
47 වන ජනාධිපතිවරයා තෝරා පත්කරගැනීම වෙනුවෙන් එළැඹෙන නොවැම්බර් 5 වනදා පැවැත්වෙන එක්සත් ජනපද ජනාධිපතිවරණය වෙනුවෙන් තරග වදින ප්‍රධාන අපේක්ෂකයින් වන රිපබ්ලිකන් පක්ෂයේ ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් පක්ෂයේ කමලා හැරිස්, ඊයේ (30) ඔවුන්ගේ අවසාන මැතිවරණ රැළි පවත්වනු ලැබුවා.
සෞදි කෘෂිකාර්මික ප්‍රදර්ශනය - 2024 සදහා ප්‍රථම වරට ශ්‍රී ලංකා පොල් ආශ්‍රිත නිෂ්පාදන සමාගම් සහභාගි වෙයි.
රියාද් හී ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ශ්‍රී ලංකා පොල් සංවර්ධන අධිකාරිය සමඟ එක්ව 2024 ඔක්තෝම්බර් මස 21 සිට 24 දක්වා රියාද්හි පැවති 41 වෙනි සෞදි කෘෂිකාර්මික ප්‍රදර්ශනය-2024 සඳහා ප්‍රථම වරට පොල් ආශ්‍රීත නිෂ්පාදන සමාගම් 10ක් සහභාගි කරවීම සාර්ථකව සංවිධානය කරන ලදී. සෞදි අරාබි රාජධානියේ ශ්‍රී ලංකා තානාපති අමීර් අජ්වාඩ් මහතා විසින් මෙහි ශ්‍රී ලංකා මණ්ඩපය නිල වශයෙන් විවෘත කරන ලදී.
තුර්කියේ අන්කාරා අගනුවර ආසන්නයේ පිහිටි ගුවන් සේවා සමාගමක මූලස්ථානයට එල්ල වූ වෙඩි ප්‍රහාර මාලාවකින් පුද්ගලයින් 5 දෙනෙකු මිය ගොස් තිබෙනවා.