ඇෆ්ගනිස්ථානයේ කාබුල් අන්තර්ජාතික ගුවන්තොටුපොළ අසළ ඊයේ සිදුවු මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර දෙකකින් 60 දෙනෙකු මියගෙස් තිබේ.

කුමන බලපෑමක් එල්ලවුව ද ඇෆ්ගනිස්ථානයේ සිරවී සිටින සිවිල් වැසියන් ඉවත් කරගැනීම අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව, අමෙරිකා ජනාධිපති ජෝ බයිඩ්න් සහතික වෙයි.

ඇෆ්ගනිස්තානයේ කාබුල් ගුවන් තොටුපල ආසන්නයේ පිපිරීමක් සිදුව තිබේ.

ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නගරයේ රෝහල්වල හදිසි ප්‍රතිකාර කූඩාරම් ඉදිකිරීමට පියවර ගෙන තිබේ.

බටහිර වෙනිසියුලාවේ මෙරිඩා ප්‍රාන්තයට බලපෑ හදිසි ජල ගැලීම් තත්වයක් හේතුවෙන් 16 දෙනෙක් මියගොස් තිබේ. මරණ සංඛ්‍යාව තවත් ඉහළ යා හැකි බව ගලවා ගැනීමේ කණ්ඩායම් ප්‍රකාශ කරයි.

අන්තර්ජාතික මූල්‍ය අරමුදල කොරෝනා වෛරසයෙන් බලපෑම් එල්ල වී ඇති රටවල ආර්ථිකය නගාසිටුවීමට අමෙරිකානු ඩොලර් බිලියන 650 ක් වෙන් කිරීමට පියවර ගෙන ඇත.

නවසීලන්තයේ ද දෛනිකව වාර්තා වන කොරෝනා අසාදිතයින් සංඛ්‍යාව ඉහළ යමින් ඇත.

ඔස්ට්‍රෙිලියාවේ නිව් සවුත්වේල්ස් ප්‍රාන්ත සිඩ්නි අගනුවරින් හඳුනාගැනෙන දෛනික කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව වාර්තාගත ලෙස ඉහළ ගොස් ඇත.

ඉන්දියාවෙන් දෛනිකව වාර්තා වන කොරෝනා ආසාදිතයින් සහ මරණ සංඛ්‍යාව යළි ඉහළ ගොස් ඇත.

අමෙරිකාවේ CIA සංවිධානයේ ප්‍රධානී විලියම් බර්න්ස් මහතා තලේබාන් නායක මුල්ලා බරාඩා හමු වෙයි.

කොරෝනා ආසාදිතයින් කෝටිය ඉක්මවූ රටවල් සංඛ්‍යාව තුනක්.

අමෙරිකාවෙන් ලක්ෂයට අධික දෛනික කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාවක් ඊයේ වාර්තා විය.

ලබන 31 වැනිදා වන විට ඇෆ්ගනිස්ථානයෙන් අනිවාර්යෙන්ම ඉවත්ව යා යුතු බවට තලෙයිබාන් සංවිධානය අමෙරිකාව ප්‍රමුඛ නේටෝ හමුදාවන්ට අනතුරු අගවයි.

ඉන්දියාවෙන් දින 160කට පසු අඩුම කොවිඩ් ආසාදිතයන් ඊයේ වාර්තා විය.

කොවිඩ් වසංගතය පාලනය සඳහා ඕස්ට්‍රේලියානු රජය පනවා ඇති අඟුලු දැමීමේ ක්‍රියාවලියට විරෝධය පළ කරමින් මෙල්බන් නුවර ඇතුළු ප්‍රදේශ කිහිපයක උද්ඝෝෂණ පැවැත්විණ.

අමෙරිකාවෙන් ඊයේ ලොව වැඩිම දෛනික කෙරෝනා ආසාදිතයන් පිරිස හඳුනාගැනුනා.



කුමන හෝ කොවිඩ් ප්‍රතිශක්තීකරණ එන්නතක සම්පූර්ණ මාත්‍රා ලබාගත් පුද්ගලයන්ට වුවද ඩෙල්ටා ප්‍රභේදයට එරෙහිව පූර්ණ ආරක්ෂාවක් නොලැබෙන බව,  නවතම බ්‍රිතාන්‍ය අධ්‍යයනයකින් හෙළි වී ඇත. 

ඇෆ්ගනිස්තානයට අයි එස් ත්‍රස්ත ප්‍රහාරයක් එල්ලවීමේ අවදානමක් පවතින බව, අමෙරිකාව පවසයි.

ඉතිහාසයේ ප්‍රථම වතාවට ග්‍රීන්ලන්තයේ ඉහළම ස්ථානයට වර්ෂා ලැබී තිබේ.

වියට්නාමයේ කොරෝනා වෛරසය මැඩපැවැත්වීම සඳහා හමුදාව යෙදවීමට එරට රජය තීරණය කර ඇත.

Latest News