නවසීලන්තයේ නව කැබිනට් මණ්ඩලය දිවුරුම් දේ

නොවැ 07, 2020

    නවසීලන්ත රජයේ නව කැබිනට් මණ්ඩලය දිවුරුම් දේ.

    පසුගිය මස පැවැත්වූ පාර්ලිමේන්තු මැතිවරණයෙන් දෙවනවරටත් නවසීලන්ත ආග්‍රාමාත්‍ය ජසින්ඩා අර්ඩ්න් නැවතත් බලය හිමි කර ගැනීමට සමත් විය.

    පාර්ලිමේන්තු ආසන120 හැට හතරක්ම හිමි කර ගැනීමට එරට කම්කරු පක්ෂයට හැකියාව ලැබිණ.

    මෙවර කාන්තාවන් විසි දෙනෙකු අමාත්‍ය මණ්ඩලය නියෝජනය කිරීම විශේෂත්වයක්.

    කොවිඩ් වසංගතය හමුවේ නවසීලන්ත අග්‍රාමාත්‍යවරිය ගෙන ගිය වැඩපිළිවෙළ බොහෝ දෙනාගේ ගෞරවයට ලක්වූ අතර නැවත වරක් බලයට පැමිණීමට එම තත්ත්වය පිටිවහලක් වූ බවයි එරට ලැබෙන වාර්තා සඳහන් කරන්නේ.

    Latest News