ජෝ බයිඩන් ඡන්ද සටනේ තවතවත් ඉදිරියට

නොවැ 07, 2020

    ජෝශප් ආර්. බයිඩන් ජූනියර් හෙවත් ජෝ බයිඩන් මේ වනවිට ජනාධිපති ධුරයට සමීප වෙමින් සිටින්නේ පෙන්සිල්වේනියා සහ ජෝර්ජියා යන ජනපද දෙකේදීම ට්‍රම්ප් පසු කර යමිනි.

    ධවල මන්දිරය කරා ගමන් ගන්නා ගමනේදී ඡන්ද සමූහ එසේත් නැතිනම් ඡන්ද සමූහ 270ක බලය තහවුරු කරගත යුතු අතර හිටපු උප ජනාධිපති ජෝ බයිඩන් මේ වනවිට ඒ ආසන්නයටම පැමිණ ඇත.

    ජෝ බයිඩන් පෙන්සිල්වේනියා ජනපදයේ මේ වනවිට ගණනය කර ඇති ඡන්ද අනුව ට්‍රම්ප්ට වඩා ඡන්ද 5,600කින් ඉදිරියෙන් සිටීමට සමත්වවී ඇත.

    එම පරතරය දිගටම පවත්වාගැනීමට හැකියාව ලැබුණහොත් බයිඩන් ට ඡන්ද සමූහ 20ක් හිමිවන අතර ඒ අනුව ඇමෙරිකාවේ ජනාධිපතිවරයා වීමට අවශ්‍ය ඡන්ද සමූහ හෙවත් ඡන්ද ගණ 270 ඉක්මවා යෑමට අවස්ථාව හිමිවනු ඇත.

    Latest News