ඩෙන්මාර්කය කොරෝනා නිසා මින්ක් මුගටියන් මරාදමයි

නොවැ 07, 2020

    ඩෙන්මාර්කයේ, ලොම් ලබාගැනීම සඳහා ඇති කරන මුගටි විශේෂයකින් කොරෝනා වයිරසය මිනිසුන්ට බෝ වීමේ අවදානමක් පවතින බව එරට පර්යේෂකයන් පිරිසක් විසින් සොයාගෙන තිබේ.

    බෝවන රෝග පිළිබඳ කටයුතු කරන ඩෙන්මාර්ක් රාජ්‍ය ආයතනය මෙම පර්යේෂණය සිදුකර ඇති අතර ඔවුන් සොයාගෙන ඇත්තේ පසුගිය ජුනි මාසයේ සිට මේ දක්වා පුද්ගලයින් 214 දෙනකුට එලෙස මුගටින්ගෙන් බෝවන කොරෝනා ආසාදනයවී ඇති බවයි.

    මුගටියන් තුළ දක්නට ලැබුණු කිරීටක වයිරසයේ එක් විකෘති ප්‍රභේදයක් පුද්ගලයන් 12 දෙනකුගෙන් සොයාගැනීමට හැකිවූ බවද ඔවුහු පවසති.

    මෙම ප්‍රභේදය මුගටි ගොවිපල 5ක් ආශ්‍රිතව දක්නට ලැබී ඇත.

    සෞඛ්‍ය අමාත්‍ය මැග්නස් හියුනික් මහතා පවසා සිටියේ උතුරු ඩෙන්මාර්කයේ කොරෝනා ආසාදිත පුද්ගයන් 783කින් භාගයකටම මුගටියන්ගෙන් කොරෝනා වයිරසය නැවත බෝවී ඇති බවයි.

    Latest News