රුසියානු ජනාධිපතිවරයාට චෝදනා කිරීමට සාක්‍ෂි නැහැ; ට්‍රම්ප්

සැප් 06, 2020

    රුසියානු විපක්‍ෂ ක්‍රියාකාරිකයෙක් වන, ඇලෙක්සේයි නවාල්නි හට විෂ ශරීරගත කළ බවට, චෝදනා කරමින් රුසියානු ජනාධිපතිවරයා හෙළා දැකීම අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ප්‍රතික්ෂේප කරනු ලැබ තිබේ.

    ධවල මන්දිර මාධ්‍ය සාකච්ජාවකදී මාධ්‍යවේදියෙකු නැඟූ පැනයකට පිළිතුරු දෙමින් ජනාධිපති ට්‍රම්ප් සඳහන් කළේ, රුසියානු ජනාධිපතිවරයාට චෝදනා එල්ල කිරීමට තරම් සාක්‍ෂි නොමැති බවයි. එම සිදුවීම ඛේදජනක වුවත්, මාධ්‍ය වඩාත් අවධානය කර යුතුව ඇත්තේ, චීනය සම්බන්ධයෙන් බව, අමෙරිකානු ජනාධිපතිවරයා පවසයි. රුසියාවට වඩා චීනය ලෝකයට තර්ජනයක් බව ඔහු කියා සිටී.

    රුසියානු විපක්‍ෂ ක්‍රියාකාරී ඇලෙක්සේයි නවාල්නි විෂ ශරීරගත වීමකින් සයිබීරියාවේදී රෝගී වූ අතර, ඔහු මේ වනවිට ජර්මනියේ කෝමා තත්වයකින් පසුවේ. කෙසේ වෙතත්, අලෙක්සේයි නවාල්නි හට විෂ ශරීරගත කිරීම පිළිබඳ නේටෝව සහ ජර්මනිය එල්ල කරන චෝදනා රුසියාව තරයේ ප්‍රතික්‍ෂේප කළේය. රුසියාව සඳහන් කළේ, නවාල්නි හට විෂ ශරීරගත කිරීම සම්බන්ධයෙන් රුසියානු රජයේ කිසිදු සම්බන්ධයක් නොමැති බවයි.

    Latest News