ආසාදිතයන් සංඛ්‍යාව ඉකුත් පැය 24 තුළ දෙකෝටි 70 ලක්‍ෂය ඉක්මවයි

සැප් 06, 2020

    ලොව කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව ඉකුත් පැය 24 වනවිට දෙකෝටි 70 ලක්‍ෂය ඉක්මවා ගොස් තිබේ.

    මරණ සංඛ්‍යාව 8 ලක්‍ෂ 83,000කට අධිකයි. වැඩිම ආසාදිතයින් වාර්තාවන අමෙරිකාවේ රෝගීන් සංඛ්‍යාව ඊයේ වනවිට 64 ලක්‍ෂය ඉක්මවා ගියේය. එරටින් මෙතෙක් වාර්තා වී ඇති මරණ සංඛ්‍යාව, එක් ලක්‍ෂ 92,000කට අධිකයි. ලොව දෙවනුවට වැඩිම කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාවක් වාර්තාවන බ්‍රසීලයේ රෝගීන් සංඛ්‍යාව ලක්‍ෂ 41ට අධිකයි.

    එරට මරණ සංඛ්‍යාව එක් ලක්‍ෂ 26,000ක්. ආසාදිතයින් වැඩිම රටවලින් තෙවැනි ස්ථානයට පත්ව ඇත්තේ, අසල්වැසි ඉන්දියාවයි. එරට ආසාදිතයන් සංඛ්‍යාව ඊයේ ලක්‍ෂ 40 ඉක්මවා ගියේය.

    ඉන්දියාවේ මේ දක්වා සිදුව ඇති කොරෝනා මරණ සංඛ්‍යාව 70,000කට අධිකයි. ආසාදිතයින් ලක්‍ෂ 10 ඉක්මවූ රටවල් අතරට මේ වනවිට රුසියාව ද එක්ව තිබේ. මේ වනවිට කොරෝනා ආසාදිතයන් ලක්‍ෂ 10 ඉක්මවූ රටවල් ගණන 4ක් වන අතර, ආසාදිතයන් ලක්‍ෂය ඉක්මවූ රටවල් සංඛ්‍යාව 30ක්.

    මරණ ලක්‍ෂය ඉක්මවූ රටවල් ගණන 2ක්. මරණ 25,000 ඉක්මවූ රටවල් සංඛ්‍යාව 9ක් වේ. මරණ 10,000 ඉක්මවූ රටවල් සංඛ්‍යාව 14ක්. මරණ දහසකට අධික රටවල් අතරට රාජ්‍යයන් 50ක් ඇතුලත්.

    සියලුම කොරෝනා රෝගීන් සුවය ලැබූ රටවල් 13ක් වාර්තා වේ. නෞකා දෙකක් ද ඇතුළුව ලොව රටවල් සහ පාලන ප්‍රදේශ 215කින් කොරෝනා ආසාදිතයින් වාර්තා වී තිබේ. රටවල් 24ක කිසිදු කොරෝනා මරණයක් වාර්තා වී නොමැත.

    Latest News