ප්‍රථම පුහුණු තරගයෙන් කැනඩාව ජය ගනී

මැයි 28, 2024

    20 – 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ, පළමු පුහුණු තරගයෙන් ජය වාර්තා කිරීමට, කැනඩාව සමත් වුණා. ඒ, නේපාලය ලකුණු 63 කින් පරාජය කරමින්.

    තරගය පැවැත්වුණේ අමෙරිකාවේ ඩලස් හිදී. පළමුවෙන් පන්දුවට පහර දුන් කැනඩාව, පන්දු වාර 20 ඇතුළත කඩුලු 7 ක් දැවී ලකුණු 183 ක් රැස්කළා.

    නිකලස් කර්ට්න් ලකුණු 52 යි. පිළිතුරු ලෙස නේපාලයට පන්දු වාර 19 යි, පන්දු 3 කදී සියලු ක්‍රීඩකයින් දැවී රැස් කිරීමට හැකි වුණේ ලකුණු 120 ක් පමණයි.

    කුෂාල් මලා ලකුණු 37 යි. පන්දු යැවීමේදී ඩිලන් හෙයිලිගර් කඩුලු 4 ක් දවාගත්තා.

    Latest News