ඔස්ට්‍රෙිලියාවෙන් කොරෝනා ආසාදිතයින් 2,043...

සැප් 12, 2021

    ඔස්ට්‍රෙිලියාවෙන් ගත වූ පැය 24 තුළ කොරෝනා ආසාදිතයින් 2,043 දෙනෙකු වාර්තා වී ඇත.  

    වැඩිම ආසාදිතයන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ වික්ටෝරියා ප්‍රාන්තයෙන් වන අතර ගතවූ පැය 24 තුළ එම ප්‍රාන්තයෙන් පමණක් නව ආසාදිතයින් 392 ක් හඳුනාගෙන තිබේ.  ඔස්ට්‍රෙිලියාවේ තෙවැනි ජනාකීර්ණ ප්‍රාන්තය වන ක්වින්ස්ලන් ප්‍රාන්තයෙන් ගතවූ පැය 24 තුළ කිසිදු ආසාදිතයෙකු වාර්තාවී නොමැති අතර, එය වෛරසය පාලනය සම්බන්ධයෙන් යම් ප්‍රගතියක් බවට එරට සෞඛ්‍ය අංශ ප්‍රකාශ කර ඇත.

    එරටින් වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 73,610 ක් වන අතර මරණ සංඛ්‍යාව 1,091 ක්.

    Latest News