ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ලකළ බවට අමෙරිකාවට චෝදනා...

සැප් 12, 2021

    කාබුල් ගුවන් තොටුපල අසළ පසුගියදා සිදුවූ බෝම්බ ප්‍රහාරයට පළිගැනිමක් ලෙස අමෙරිකාව ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ලකර ඇත්තේ, අයි.එස්. ත්‍රස්තවාදියෙකුට නොව සාමාන්‍ය වැසියෙකුට හා ඔහුගේ පවුලේ අයට බව චෝදනා එල්ලවනවා.

    එය ස්වාධීන පරික්ෂණයකින් තහවුර වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.  පසුගිය මස 26 වැනිදා කාබුල් ගුවන්තොටුපල අසළ වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් අමෙරිකන් සෙබළුන් 13 දෙනෙකු හා සාමාන්‍ය වැසියන් 100 කට අධික පිරිසක් ජීව්තක්‍ෂයට පත්විය. ප්‍රහාරයේ වගකීම අයි.එස්. ත්‍රස්තවාදීන් විසින් බාරගන්නා ලදි.

    ඊට ප්‍රතිචාර ලෙස පසුගිය මස 29 වැනිදා අමෙරිකාව කාබුල් නුවර නිවසක් වෙත ඩෝන ප්‍රහාරයක් එල්ලකරන ලදි. එහිදී අමෙරිකන් ආරක්ෂක දෙපාර්තමේන්තුව කියා සිටියේ, ගුවන් තොටුපලේ ප්‍රහාරය සැළසුම් කළ පුද්ගලයා ඩෝන ප්‍රහාරයෙන් මියගිය බවයි. එහෙත් මාධ්‍ය ආයතන කිහිපයක් ප්‍රහාරයට අදාළ වීඩියෝ දර්ශන හා තොරතුරු විශ්ලේෂණය කර පරික්ෂණ පවත්වා ඇත.

    එහිදී හෙළිවී ඇත්තේ ඩෝන ප්‍රහාරයෙන් මිය ගිය පුද්ගලයා අයි.එස්. ත්‍රස්තවාදියෙකු නොව කාබුල් නුවර සහන සේවා ආයතනයක සේවය කරන්නෙක් බවයි. ඔහු ඇතුළු 10 දෙනෙකු ප්‍රහාරයෙන් මිය ගිය අතර කුඩා දරුවන් 06 දෙනෙකු ද, ඒ අතර වෙනවා. මියගිය දරුවන් අතර ලාබාලම දැරියගේ වයස අවුරුදු 03 ක්. මේ ප්‍රහාරය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදුකෙරෙන බව අමෙරිකාව ප්‍රකාශ කර සිටී.

    Latest News