හිස්බුල් මුජහිදීන් ත්‍රස්ත කල්ලියේ නායකයකු ඝාතනය කෙරේ

මැයි 08, 2020

    ඉන්දියාවේ අර්බුදකාරී කාශ්මීරයේ හිස්බුල් මුජහිදීන් ත්‍රස්ත කල්ලියේ ප්‍රධාන පෙළේ නායකයකු වන රියාස් නයිකූ ඝාතනය කිරීමට එරට ආරක්ෂක අංශ සමත් වී තිබේ.

    මෙම තහනම් කල්ලියේ හිටපු නායක බුර්හාන් වානි 2016 දී ආරක්ෂක අංශ විසින් ඝාතනය කිරීමත් සමඟ රියාස් එම කල්ලියේ නායකත්වයට පත්විය.

    ත්‍රස්ත නායකයාගේ මරණයත් සමඟ ප්‍රදේශයේ ඉතා විශාල වශයෙන් විරෝධතා පැනනැඟී ඇතැයි ද වාර්තා වේ.

    පුල්වාමා දිස්ත්‍රික්කයේ ත්‍රස්ත නායකයාගේ උපන් ගම වූ බීජ් පෝරා හිදී පොලීසිය සහ ආරක්ෂක අංශ එක්ව දියත් කළ මෙහෙයුමකින් ඔහුව කොටුකරගෙන තිබේ.

    පාකිස්තානය සහ ඉන්දියාව අයිතිවාසිකම් කියන කාශ්මීර ප්‍රාන්තයේ කැරැලිකාරී ක්‍රියා ආරම්භ වූයේ 1989 දීය.

    Latest News