අමෙරිකාවේ ආරක්ෂක අංශවල සාමාජිකයන්ටත් කොරෝනා

මැයි 08, 2020

    අමෙරිකා එක්සත් ජනපද ආරක්ෂක අංශවල සාමාජිකයන් සහ ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සිවිල් වැසියන් ඇතුළු 7,000 කට වැඩි පිරිසකට කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි ‘ද නිව්යෝක් ටයිම්ස්’ පුවත්පත වාර්තා කරයි.

    ප්‍රාන්ත සියල්ලේම පිහිටා ඇති කඳවුරු 150ක පමණ සාමාජිකයින්ට මේ තත්වය ඇතිව තිබේ.

    අමෙරිකා එක්සත් ජනපද ආරක්ෂක අංශ වලට සම්බන්ධවීමට කැමැති එහෙත් කොරෝනා වයිරසය ආසාදනය වී රෝහල් ගත පසුව පූර්ණ සුවය ලැබූ පිරිස් ආරක්ෂක අංශ වලට සම්බන්ධ කරගැනීම තාවකාලිකව නවතා දැමීමට ද අමෙරිකානු බලධාරීහු පියවර ගෙන ඇත.

    Latest News