කොරෝනා ලිංගිකව සම්ප්‍රේෂණය වීමේ අවධානමක්

මැයි 08, 2020

    කොරෝනා වෛරසය ආසාධනයට ලක්වූ පුද්ගලයින්ගේ ශුක්‍රාණු තරල තුළ එම වෛරය පවතින බව විද්‍යාඥයින් පිරිසක් අනාවරණය කර ගෙන ඇතැයි වාර්තා වේ.

    මෙම සොයා ගැනීමත් සමග කොරෝනා වෛරසය ලිංගිකව සම්ප්‍රේෂණයවීමේ හැකියාවක් පවතින බවට මත පළවී ඇති අතර, ඒ සම්බන්ධයෙන් විද්‍යාඥයින් මේ වනවිට පර්යේෂණ අරඹා ඇති බවයි, විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

    චීනයේ කොරෝනා වෛරසය උග්‍රව ව්‍යාප්ත වෙමින් පැවති ජනවාරි සහ පෙබරවාරි කාල සීමාව තුළදී තෝරා ගනු ලැබූ පිරිමි පුද්ගලයින් 38 දෙනෙකු ආශ්‍රයෙන් සිදුකළ පර්යේෂණයකදී මෙම කරුණු හෙළි කර ගැනීමට එරට වෛද්‍ය පර්යේෂකයින් විසින් සමත්ව තිබෙනවා.

    මෙම පිරිසෙන් සියයට 16ක ගේ ශුක්‍රාණු තරලයන් හි කොරෝනා වෛරසය ඇති බවට සොයා ගෙන ඇති බවයි, එම පර්යේෂකයින් සඳහන් කරන්නේ.

    වෛරසය සම්ප්‍රේෂණය වී ඉන් සුවය ලැබූ පුද්ගලයින් ගේ ශුක්‍රාණු තරල මතද එය පවතින බවයි මෙහිදී අනාවරණය වී ඇත්තේ.

    මේ සම්බන්ධයෙන් නිසි පරීක්ෂණ සිදුකෙරෙන තෙක් කොරෝනා වෛරසය ආසාධනය වූ රෝගීන් හා රෝගයෙන් සම්පුර්ණ සුවය ලබමින් සිටින පුද්ගලයින් ලිංගිකව හැසිරීමෙන් වැළකි සිටීම ඥානාන්විත ක්‍රියාවක් වනු ඇති බවයි, පර්යේෂණ කණ්ඩායම සඳහන් කරන්නේ.

    Latest News