රුමේනියාවේ ලාංකිකයින් 7 දෙනෙකුට COVID

මැයි 08, 2020

    රුමේනියාවේ සිටින ශ්‍රී ලාංකිකයින් 7 දෙනෙකුට කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ.

    විදෙස් මාධ්‍ය වාර්තා කළේ උතුරු රුමේනියාවේ බොටොසානි ප්‍රදේශයේ පිහිටි ඇගලුම් කම්හලක සේවය කරන ශ්‍රී ලාංකිකයින් 7 දෙනෙකුට මෙලෙස වෛරසය ආසාදනය වී ඇති බවයි.

    අදාල ඇගලුම් කම්හ‍ලේ සේවය කළ ශ්‍රී ලාංකිකයින් 44 දෙනෙකු සේවයෙන් ඉවත් කර ඇති අතර එලෙස ඉවත් කළ පිරිසෙන් 7 දෙනෙකුට වෛරසය ආසාදනය වී ඇති බව සඳහන්.

    සේවයට වාර්තා නොකිරීමේ චෝදනාව මත අදාල සේවකයින් සිය ආයතනයෙන් ඉවත් කර ඇති බව ඇගලුම් කම්හලේ බලධාරීන් ප්‍රකාශ කර තිබේ.

     

    Latest News