ඇමසන් වනාන්තරය මහා පරිමාණයෙන් විනාශ වීමේ අවදානමක්...

මාර් 09, 2022

    ඇමසන් වනාන්තරය මහා පරිමාණයෙන් විනාශ වීමේ අවදානමක් හටගෙන ඇති බව පර්යේෂකයින් පවසනවා.

    ලැව්ගිනි සහ වන විනාශය මීට හේතුවී ඇති බවයි, බ්‍රිතාන්‍ය විශ්වවිද්‍යාලය් මගින් සිදුකරන ලද පර්යේෂණයකින් හෙළිවී ඇත්තේ. වනාන්තරයේ ඇතැම් ප්‍රදේශ උරාගන්නා ප්‍රමාණයට වඩා වැඩි කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණයක් පෘතුවියට මුදාහරින බවයි, ඔවුන් පෙන්වා දෙන්නේ.

    ගෝලීය උණුසුම ඉහළ යෑම මීට ප්‍රධාන හේතුවක් වී තිබෙනවා. ඊට අමතරව, මිනිසා වනාන්තර ගිනි තැබීම්, ඉවක් බවක් නොමැතිව සිදු කෙරෙන වන විනාශයන්ද මීට බලපා ඇති බවයි පර්යේෂකයින් පෙන්වා දෙන්නේ. ඇමසන් වනාන්තරයෙන් 75% ක පමණ ප්‍රමාණයක් විනාශ වීමේ අවදානමක් පවතින බවද, ඔවුන් පෙන්වා දෙනවා. ඒ හේතුවෙන් එය වැලැක්වීමට වහා පියවර ගතයුතු බවයි පරිසරවේදීන් සියලු ලෝ වැසියන්ගෙන් ඉල්ලා සිටින්නේ.

    Latest News