රටවල් 04කට උණුසුමෙන් බැට

ජූනි 22, 2024
    බල්කන් කලාපයේ රටවල් 4කට බලපා ඇති අධික උණුසුම් කාලගුණය හේතුවෙන් එම රටවල විදුලි ඉල්ලුම වැඩි වී තිබෙනවා.

    ඉහළ යන බලශක්ති ඉල්ලුමට සරිලන සැපයුමක් ලබා දීමට නොහැකිවීමෙන් එම රටවල බලශක්ති ක්ෂේත්‍රය දැඩි බලපෑමකට ලක්ව තිබෙනවා.

    ඇල්බේනියාව, බොස්නියාව, මොන්ටිනිග්රෝදව, ක්රො.ඒෂියාව වැනි රටවලට මේ දිනවවල පවතින්නේ අධික උණුසුම් කාලගුණය හේතුවෙන් කලාපයේ සාමාන්‍ය උෂ්ණත්වය සෙල්සියස් අංශක 40 ලෙසයි, වාර්තා වන්නේ.
    අධික උෂ්ණත්වය නිසා නිවෙස්වල වායු සමීකරණ යන්ත්ර ක්රිුයාත්මක කිරීමෙන් විදුලිබල ඉල්ලුම ඉහළ යමින් පවතිනවා. ඊයේ දින ඉහළ යන විදුලි ඉල්ලුමට සරිලන විදුලි සැපයුමක් ලබා දීමට නොහැකිව, දහවල් කාලයේදී විදුලිය විසන්ධි වීමකට ලක්ව තිබෙනවා.
    මාර්ග සංඥා අක්රිලය වීමෙන් බොස්නියාවේ සහ ක්රොිඒෂියාවේ නගර කිහිපයක ගමනාගමන ක්ෂේමත්රදයට දැඩි බධා එල්ල වූ බවයි, වාර්තා වන්නේ.
    විදුලිය විසන්ධි වීමෙන් ක්රො ඒෂියානු සංචාරක කර්මාන්තයට දැඩි බලපෑමක්ද එල්ල වී ඇති බව එරට බලධාරීන් පවසනවා. ඒ, විදෙස් සංචාරකයින් සඳහා නිවාඩු නිකේතනවල මෙන්ම, ආපනශාලා, සුපිරි වෙළඳසැල් ආදී ස්ථානවල විදුලි සැපයුම දීර්ග වෙලාවක් විදුලිය නොමැති වීම හේතුවෙන්.

    Latest News