ප්‍රසිද්ධ ස්ථානවල මුඛ ආවරණ පැලඳීම WHO නිර්දේශ කරයි

ජූනි 08, 2020

    ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් කොව්ඩ් වයිරසය සම්බන්ධ සිය ස්ථාවරයන් වෙනස් කරමින් කොවිඩ් පාලනය කිරීම සඳහා මහජනතාව ගැවසෙන ස්ථානවල මුඛ ආවරණ පැලඳිය යුතු බවට ප්‍රකාශ කළේය.

    බී.බී.සී වාර්තා කරන පරිදි වයිරසය පැතිරිය හැකි ජල බිඳිති සඳහා බාධකයක් ලෙස මුඛ ආවරණ ක්‍රියාකරන බැවින් මෙසේ ප්‍රසිද්ධ ස්ථානවල මුඛ ආවරණ පැලඳීම නිර්දේශ කර ඇත.

    එම සංවිධානයේ තාක්ෂණික විශේෂඥ වෛද්‍ය මාරියා වැන් පවසන්නේ ප්‍රසිද්ධ ස්ථානවල පැලඳීම සඳහා සායනික නොවන රෙදි වලින් නිමකළ මුඛ ආවරණ තෝරාගත යුතු බවයි. කෙසේ නමුත් රෝගී පුද්ගලයන් සහ ඔවුන් රැකබලා ගන්නා අය විසින් සායනික මුහුණු ආවරණ පැලඳිය යුතු බවට එම සංවිධානය නිරන්තරව උපදෙස් දී තිබිණි.

    නමුත් සෞඛ්‍ය සම්පන්න පුද්ගලයන් මුහුණු ආවරණ පැලඳිය යුතු බවට ප්‍රමාණවත් සාක්ෂි නොමැති බව ලෝක සෞඛ්‍ය සංවිධානය මීට පෙර සඳහන් කළේය.

    මුඛ ආවරණයක් යනු, කොරෝනා අවදානම අවම කිරීම සඳහා භාවිත කළ හැකි මෙවලම් වලින් එකක් පමණක් වන බවත් එය පැලඳි පමණින් වයිරසයෙන් ආරක්ෂා විය නොහැකි බවත් මේ පිළිබඳව අදහස් දක්වමින් ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ටෙඩ්‍රොස් ඇඩනම් පැවසීය.

    Latest News