චීනයේ යුන්නාන් විශ්වවිද්‍යාලයේ විදේශ භාෂා පාසලෙහි කථිකාචාර්ය සුගත් රත්නායක මහතා චයිනා ඩේලි පුවත් පතෙහි සත්කාරකත්වයෙන් පැවති “My Campus Story” නැමති ජාත්‍යන්තර තරගයෙන් ප්‍රථම ස්ථානය හිමිකර ගෙන තිබේ.

එක්සත් ජාතීන්ගේ සංවිධානය ප්‍රකාශ කර ඇත්තේ නොවැම්බර් 15 වනදා ලෝක ජනගහනය බිලියන 8 ඉක්මවා යනු ඇති බවයි.

මෙරට වැඩකරන ජනතාවගෙන් සියයට 30ක් 2030 වසර වන විට දියවැඩි‍යා රෝගයට ගොදුරුවීමේ අවධානමක් පවතින බව, විශේෂඥ වෛද්‍යවරුන් පෙන්වා දෙනවා.

දුමට බද්දක්

නොවැ 12, 2022

රජයේ ආදායම් ඉහළ නැංවීම සඳහා දුම්කොළ බදු වැඩි කිරීමට රටේ ජනතාවගෙන් බහුතරයක් කැමැත්ත පළ කර ඇති බව මද්‍යසාර හා මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය පෙන්වා දෙනවා.

ධාතුන් වහන්සේ වැඩ සිටිතැයි සැලකෙන රන් මංජුසාවක් පුරාවිද්‍යා කැනිමකදී හමුවී තිබෙනවා. ඒ පොළොන්නරුව, වැලිකන්ද, කුරුඳුබැද්ද ගම්මානයේ පිහිටි ඓතිහාසික කවුඩාගල ආරන්‍ය සේනාසන භුමියේ සිදු කළ කැණිමකදී.

ෆින්ලන්ත පර් යේෂකයන් විසින් ලොව ප්‍රථම "වැලි බැටරිය" ස්ථාපනය කර ඇති අතර එහි වරකට මාස ගණනකට හරිත බලය ගබඩා කළ හැකිය.

අනුරාධපුර දිස්ත්‍රික්කයට අයත් විලච්චිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ 371 නවදාගම ග්‍රාමසේවා වසමට අයත් මහාහැලඹව ගම්මානේ පවුල් 25 ක පමණ ප්‍රමාණයක් දැඩි ආර්ථික දුෂ්කරතාවයකට පත්ව ඇති බව වාර්තා වේ.

පොල්කඩන රැකියාව කරමින් දරු පවුලක් ජීවත්කර වූ පියෙකු පොල්ගසකින් ඇද වැටී සුසුම්නාව බිඳී සිරුරේ තුවාල දැමීම හේතුවෙන් ජීවිතයත් මණයත් අතර සටනක යෙදී සිටින අතර ඔහුගේ හය මස් ගැබිණි බිරිද ජීවත්වීම සදහා ජනතා සහය ඉල්ලා සිටියි.

 නව සුපිරි අභ්‍යවකාශ දුරේක්ෂය වන ජේම්ස් වෙබ් විසින් ලබාගත් සුප්‍රසිද්ධ "පිලර්ස් ඔෆ් ක්‍රියේෂන්" හි දෙවන රූපය එක්සත් ජනපද අභ්‍යවකාශ ඒජන්සිය "නාසා" විසින් නිකුත් කර ඇත.

 

බ්‍රිතාන්‍යයේ අග‍්‍රාමාත්‍ය ධුරයට පත් වූ පළමු ඉන්දීය සම්භවයක් ඇති බ්‍රිතාන්‍ය ජාතිකයා රිෂී සුනාක් වේ.

යල කන්නයේ නෙලාගත් අස්වැන්නේ අග්‍ර කොටස දළදා සමිඳු වෙත පූජා කිරීමේ  “සිරි දළදා යල් අස්වනු පූජාව” ඊයේ ( 28) දින පෙරවරුවේ මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ දී සිදු විය.

විවිධාකාර වෙනස්කම් තියෙන මිනිස්සු අපි අතරේ ඉන්නවා. ඉන් සුන්දර මිනිසුන් පිරිසක් තමයි, පුංචි මිනිස්සු කියල කියන්නේ.

කෙනෙකුට ලෝකය දකින්න දෙනෙත් වගේම ඒ දකින ලෝකය දිනන්න දෙසවන් අත්‍යවශ්‍යයි. මේ පුවත ඒ දකින ලෝකය දිනන්න ඔබේ සහය පතන දියණියක් පිළිබඳවයි.

මල් වට්ටියක් රුපියල් ලක්ෂ 11 කට අලෙවි වූ පුවතක් දඹුල්ල ප්‍රදේශයෙන් වාර්තා වනවා.

ලොව ප්‍රකට "ෆයිසර් සමාගම" ඔස්ට්‍රේලියාවේ "ක්වින්ස්ලන්ඩ්" ප්‍රාන්ත විශ්වවිද්‍යාලයේ ශ්‍රී ලාංකික මහාචාර්ය උදන්ත අබේරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් පර්යේෂණ කණ්ඩායමක්, නිර්මාණය කළ කොරෝනා ආසාදනය වීම හඳුනා ගැනීමේ මෘදුකාංගය, මිලදී ගෙන තිබේ.

යාපනය හින්දු විද්‍යාලයේ සිසුන් පිරිසක් විසින් පෝච්චි තුළ මොරීෂස් වර්ගයේ අන්නාසි වගාවක් සාර්ථකව සිදු කර තිබේ.

කොළඹ රාජකීය විදුහලෙන් මූලික අධ්‍යාපනය ලද රනිල් වික්‍රමසිංහ මහතා, කොළඹ විශ්වවිද්‍යාලයේ නීති උපාධිධරයෙක්.

පුස්තකාලය විවෘත කෙරුණේ යුන්නාන් විශ්වවිද්‍යාලයේ විදේශ භාෂා පාසලෙහි පීඨාධිපති මහාචාර්ය ලියු ෂියුසෙන් (Liu Shusen) සහ එහි සිංහල අධ්‍යයනාංශයේ කථිකාචාර්ය සුගත් රත්නායක යන මහත්වරුන් ඇතුළු ආරාධිතයින් පිරිසකගේ සහභාගිත්වයෙනි. 

දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ පසුගියදා උපත ලැබූ බෙංගාල ව්‍යාග්‍ර පිරිමි පැටවුන් තිදෙනෙක් ඊයේ මහජන ප්‍රදර්ශනයට ඉදිරිපත් කෙරිණ. සත්වෝද්‍යානයේ බලධාරීන් පවසන්නේ, එම පැටවුන්ට නම් තැබීමේ අවස්ථාව මහජනතාවට ද හිමි වන බවයි.

සූර්ය බලශක්තියෙන් ආරෝපණය කළ හැකි බැටරියක් මගින් ධාවන කළ හැකි ත්‍රීරෝද රථයක් නිර්මාණය කිරීමට මෙරට පර්යේෂණ කණ්ඩායමක් සමත්ව තිබේ.

Latest News