ඇතෙක් වන අලියෙක් අතර සටහක් පිළිබඳව පුවතක් අපට වාර්තා වුණා.

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ අංක 8 උපාය මාර්ගික ප්‍රවාහන බලගණයට වසර 25ක් සපිරෙනවා. 1996 වසරේ අප්‍රේල් දෙවැනිදා එම බලගණය ස්ථාපනය කෙරිණ.

බස්නාහිර පළාත් විශ්වාභිනන්දන කලා උපහාර උළෙලේ කළුතර දිස්ත්‍රික් උපහාර උත්සවය පසුගියදා බණ්ඩාරගම දී පැවැත්විණ.

මේ පිංතූරයේ අප දකින්නේ, Isaac Newton ගේ හිස මත වෑටුණු ඇපල් ගෙඩි හෝ ඇපල් වලින් පරිගණක , i phone හදපු Steve Jobsට හිමි ඇපල් නොව Donald Trumpගේ මැතිවරණ බල ප්‍රදේශයක්වන New Hampshire ප්‍රදේශයේ වලස් නවාතැනේ වැවුනු ඇපල්ය.

දඹුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් වෑවල වැව ප්‍රදේශයේ වන ලැහැබක ඉතා අලංකාර දිය ඇල්ලක් පවතින බවත් එම දියඇල්ල "වෑවල ඇල්ල " නමින් එම ප්‍රදේශයේ ජනතාව හඳුන්වා ගෙන ඇති බවට තොරතුරක් වාර්තා විය.

තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ (ICTA) සභාපති සහ ශ්‍රී ලංකා තොරතුරු හා තාක්ෂණ ආයතනයේ (SLIIT) නිර්මාතෘ / ප්‍රධාන විධායක නිලධාරී මහාචාර්ය ලලිත් ගමගේ විසින් “වසරේ විශිෂ්ටතම තොරතුරු සන්නිවේදන තාක්ෂණ දායකයා” සම්මානය ලබා ගන්නා ලදී.

ලොව පුරා දෙමළ ජනතාව අද තෛපොංගල් දිනය සම සමරනවා.

කි‍්‍රකට් ලොව සුපිරිතම කී‍්‍රඩකයෙක් වන ඉන්දීය කි‍්‍රකට් නායක විරාත් කෝලි පිය පදවිය ලබා තිබෙනවා.

2023 වසරේදී කහවලින් ස්වයංපෝෂිත ශ්‍රී ලංකාවක් කරා යාමේ රජයේ ඉලක්කය කරා 2022 වසරේදී ළඟා වීමට අපේක්ෂා කරන බව අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ (සංවර්ධන) උපුල් රණවීර මහතා පවසයි.

නත්තල උදාවීමට ඇත්තේ තව පැය කිහිපයක්. ලොවපුරා කිතුණු බැතිමතුන් මෙවර එය සමරන්නේ, සෞඛ්‍ය ක්‍රමවේදවලට මුල්තැන දෙමින්. එහෙත් කුඩා ළමුන්ගේ වීරයා නත්තල් සීයායි.

බ්‍රහස්පති සහ සෙනසුරු මේ දිනවල එකිනෙකට සමීප වෙමින් පවතින අතර දෙසැම්බර් 21 වන දින රාත්‍රී ඉතා දුර්ලභ ආකාශ සංදර්ශනයක් දැකිය හැකිවනු ඇති බව කොළඹ විශ්වවිද්‍යාලයයේ තාරකා විද්‍යා සහ අභාවකාශ විද්‍යා ඒකකයේ අධ්‍යක්‍ෂ, විද්‍යාභිවර්ධන සංගමයේ හිටුපු සභාපතිවරයෙකු වන මහාචාර්ය චන්දන ජයරත්න මහතා පවසයි.

ප්‍රධාන සාගර විද්‍යාඥවරියක් වන ආශා ඩි වොස් 2020 වසරේ සාගර වීරවරිය ලෙස නම් කර තිබේ.

කොවිඩ් - 19 වයිරස ව්‍යාප්තිය හමුවේ දිනකට පරිසරයට බැහැර වන මුව ආවරණ සංඛ්‍යාව මිලියන 06ක් බවත්, මුව ආවරණය බැහැර කිරීම ගැන නිසි පරිදි සෞඛ්‍ය උපදේශයක් මෙතෙක් ලබා දී නැති බවත් පරිසර අමාත්‍ය මහින්ද අමරවීර පැවසීය.

පැසිපික් සාගරයේ පිහිටි මරියානා ආගාධය ගවේෂණ ව්‍යාපෘතියක් චීනය ආරම්භ කළා.

ඊජිප්තුවේ කයිරෝ නගරයට දකුණින් පිහිටි පාරාවෝ රජවරුන්ට අයත් සුසාන භූමියකින් ඉතා හොඳින් සංරක්ෂණය කරන ලද සිරුරු 100 ක් පමණ හමුවී තිබේ.

එකම පවුලේ සහෝදරයන් ඇතුළු දරුවන් හයදෙනෙකු බුදු සසුනට ඇතුළත් කිරීමේ මහා පුන්‍යකර්මයක් දඹුල්ල බුලාගල රන්දෙනිය රජමහා විහාරස්ථානයේදී ඊයේ(21) පැවැත්විණි.

යුද්ධයේදී පාදය අහිමිවු සෙබලකු විසින් තම ගමේ ගොළු බිහිරි කාන්තාවකට නිවසක් තනාදීමේ පුවතක් ආණමඩුව මහඋස්වැව ආලංකුලම ග්‍රාමයෙන් වාර්ථා වේ.

මිනිසුන් අතර ව්‍යාප්ත විය හැකි “චැපර්“ නමැති තවත් භයානක වෛරසයක් බොලිවියාවෙන් හඳුනාගෙන තිබේ.

රිදීගම සෆාරි උද්‍යානයේ වාසය කරන ෂීනා නමැති සිංහ දේනුව,පසුගියදා පැටවුන් තිදෙනෙක් බිහි කර තිබේ.

Latest News