ජාතික පොලිස් කොමිෂන් සභාව මගින් ජ්‍යේෂ්ඨ පොලිස් නිලධාරීන් 54 දෙනෙකුගේ වහාම ක්‍රියාත්මක වන පරිදි සිථාන මාරුවීම් අනුමත කර තිබෙනවා.

වාස්තු විද්‍යාවේ නිධානයක් බඳු කතෝලික ජනයාගේ ශුද්ධ වූ පුදබිමක් වන වතිකානය AI තාක්ෂණයෙන් බලගන්වා තිබෙනවා.

අඟහරු ග්‍රහයා මත ශාක රෝපණය කිරීමට විද්‍යාඥයින් සැරසෙනවා.

මෙවර Wanderlust Reader Travel Awards හිදී ශ්‍රී ලංකාවට Most Desirable Island කාණ්ඩ​යේ රන් සම්මානය හිමිවී තිබෙනවා.

ප්‍රධාන නල මාර්ගයක සිදු වූ බිඳ වැටීමක් හේතුවෙන් කෑගල්ල නගරයට පැය 48ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන ජලාපවාහන මණ්ඩලය පවසනවා.
ඊශ්රායල් රැකියා ලබා දෙන බව පවසමින් වංචනිකව මුදල් ලබාගන්නා පිරිසක් මේ දිනවල විවිධ ස්ථානවල ජාවාරම්වල නිරතව සිටින බවට තොරතුරු ලැබි ඇති බව ශ්රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසනවා.
ජා ඇල ඇතුළු ප්‍රදේශ කිහිපයකට ලබන අඟහරුවාදා එනම් (05) දින පැය 12ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කරනවා.
බෙදාහදා ගැනීම, ඉවසීම ප්රගුණ කරමින් ජීවිතයට නව ආරම්භයක් ලබා දෙමින් අයහපත පලවා හැර යහපත ලං කරගැනීම සංකේතවත් කරමින් ලොව පුරා වෙසෙන හින්දු ජනයා දීපවාලී දිනය සමරනු ලබයි.

එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් සඳුදා (28) ධවල මන්දිරයේදී දීපවාලි උත්සවය සමරනු ලැබුවා.

හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 11.07 ක් සන්තකයේ තබා ගැනීම සහ ජාවාරම් කිරීමේ චෝදනාවලට වරදකරු කෙරුණු බොරැල්ල ප්‍රදේශයේ පදිංචි 31 හැවිරිදි එක් දරු පියෙකුට කොළඹ මහාධිකරණය අද ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කළා.
ඉදිරි මහ මැතිවරණයට සමගාමිව තැපැල් දෙපාර්තමේන්තුවේ සියලු සේවකයින්ගේ නිඩාඩු අවලංගු කිරීමට පියවර ගෙන ඇති බව වාර්තා වනවා.

ශාසන ඉතිහාසයේ වැදගත් සිදු වීම් රැසකට මුල් වූ වප් පුර පසලොස්වක පොහොය අදයි.

2024 මිස්ටර් ඔලිම්පියා තරඟය පසුගිය සෙනසුරාදා ලාස් වේගාස්හිදී පැවැත්වුණා.
කොළඹ අධ්‍යාපන කලාපයේ සියලුම පාසැල් හෙට දිනයේත් වසා තැබීමට තීරණය කර තිබෙනවා.
නුවරඑළිය නානුඔය බ්ලැක්ෆුල් ප්‍රදේශයෙන් එකවරම පෙන මතුවීමට පටන්ගෙන ඇති බව ප්‍රදේශවාසින් පවසනවා.
සුළු ගංවතුර තත්ත්වයක් හේතුවෙන් දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න අන්තර් හුවමාරුව තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන තිබෙනවා.

අගෝස්තු සහ සැප්තැම්බර් මාසවල ඇති වූ අධික වර්ෂාව හේතුවෙන් මේ වන විට දකුණු මොරොක්කෝවේ සහරා කාන්තාර ප්‍රදේශයට ගං වතුර තත්වයකට මුහුණ දීමට සිදු වී ඇත.

ඉන්දු -  ශ්‍රී ලංකා ඒකාබද්ධ සිනමා ව්‍යාපෘතියක් හේතුවෙන් අද (09) සිට (15) වැනි දින දක්වා උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය කොළඹ කොටුව සිට ඇල්ල දුම්රිය ස්ථානය දක්වා සීමා කිරීමක් සිදුවන බව ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

රාජගිරිය ප්‍රදේශයේදී වංචනික ලෙස ඉඩම් බලපත්‍රයක් සකස් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් වරදකරු කෙරුණු නීතිඥවරයෙකුට කොළඹ මහාධිකරණය විසින් බරපතළ වැඩ සහිත වසර 08 ක සිර දඬුවම් නියම කළා.
දහතුන් හැවිරිදි පිරිමි දරුවන් දෙදෙනෙක් සරුංගල් යවමින් සිටියදි අධිබලැති විදුලි රැහැනකින් විදුලි සැර වැදී බරපතල පිළිස්සුම් තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.

Latest News