උතුරට තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

ඔක් 25, 2024
    කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇගවීමේ මධ්‍යස්ථානය උතුරු පළාත සඳහා තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

    උතුරු පළාතේ දැනට පවතින වැසි තත්වය තවදුරටත් පවතිනු ඇති බවයි ඔවුන් පවසන්නේ.

    විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන අතර, ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 100 ට වැඩි තද වැසිද ඇතිවිය හැකියි.
     
    ඒ පිළිබඳ සැළකිළිමත් වන ලෙස උතුරු පළාතේ ජනතාවට දැනුම් දෙනවා.
    ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

    Latest News