UGC සභාපති ඇතුළු සාමාජිකයින් ඉල්ලා අස්වෙයි

ඔක් 15, 2024
    විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපතිවරයා ඇතුළු සාමාජිකයින් සිය ධුරවලින් ඉල්ලා අස්වී තිබෙනවා.

    අදාළ ඉල්ලා අස්වීමේ ලිපි ඊයේ (14) පස්වරුවේ ජනාධිපතිවරයා වෙත යොමුකර ඇති බවයි සඳහන් වන්නේ.

    ඒ අනුව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ ​මහාචාර්ය සම්පත් අමරතුංග සහ උප සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය චන්දන පී. උඩවත්ත ඊයේ දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි අදාළ තනතුරුවලින් ඉල්ලා අස්වූ බවට ලිඛිතව දැනුම්දී ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

    Latest News