රාජ්‍ය දැව සංස්ථාවේ අඩ සියවසක සැමරුමට සමගාමීව අභිනවයෙන් ඉදිකරන ලද අනුරාධපුර නව ප්‍රාදේශීය කාර්යාලය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් අද (17) පෙරවරුවේ විවෘත කෙරිණි.
ශ්‍රී ලංකා ජාතික වාණිජ මණ්ඩලය විසින් සංවිධානය කරනු ලැබූ 2018 ජාතික ව්‍යාපාර විශිෂ්ටතා සම්මාන උලෙළේ දී රාජ්‍ය නිෂ්පාදන අංශය වෙනුවෙන් පිදෙන රන් සම්මානය මෙවර ද රාජ්‍ය දැව සංස්ථාව විසින් හිමිකරගත් අතර විෂයභාර අමාත්‍යවරයා ලෙස ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා වෙත එම සම්මානය ඉදිරිපත් කිරීම ඊයේ (12) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.