ක්‍රීඩාලෝලීන්ට බලාපොරොත්තුවක්

සැප් 09, 2024
    ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර තුන්වැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිව් වැනි දිනය අදයි.
    තරගය ජය ගැනීමට ශ්‍රී ලංකාවට තවත් ලකුණු 125 ක් රැස් කර ගත යුතු වනවා.
    තරගය පැවැත්වෙන්නේ, ලන්ඩන් නුවර ඕවල් ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී.
    පළමු ඉනිමට එංගලන්තය රැස් කළ ලකුණු 325 ට පිළිතුරු ලෙස ශ්‍රී ලංකාව පළමු ඉනිමට ලකුණු 263 ක් රැස් කළා.
    අනතුරුව එංගලන්ත දෙවැනි ඉනිම ලකුණු 156 ක සීමා කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත් වුණා. අනතුරුව තරගය ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හිමිවූ ඉලක්කය ලකුණු 219 ක්.
    පැතුම් නිස්සංක මෙම ටෙස්ට් ක්‍රිකට් තරගයේ තම දෙවැනි අර්ධ ශතකය වාර්තා කිරීමට ඊයේ සමත් වුණා.
    ඊයේ තුන්වැනි දිනයට තරගය නතර කරන විට ශ්‍රී ලංකාව දෙවැනි ඉනිමට කඩුල්ලක් දැවී ලකුණු 94 ක් ලබා සිටියා.
    Last modified on සදුදා, 09 සැප්තැම්බර් 2024 10:04

    Latest News